මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙබරවාරි 28, 2024 ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා

    පෙබරවාරි 28, 2024

    බල එදිරිවාදිකම් නොමැති බව සහතික කිරීම සහ ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    නාවික නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම හේතුවෙන් රතු මුහුදේ මෙහෙයුම් සඳහා දායක වීමට ශ්‍රී ලංකාව තීරණය කළ බව පැවසූ ජනාධිපතිවරයා සය දින යුද්ධය නිසා වසර දහයක් තිස්සේ සූවස් ඇළ වසා දැමීම, කොළඹ වරායට අහිතකර ලෙස බලපෑ ආකාරය ද සිහිපත් කළේය.

    එබැවින්   සීමාවලින් තොරව නාවික කටයුතු සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.‍

    පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කරන ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ තුන්වන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (28) කොළඹ දී ආරම්භ විය.

    ගෝලීය ආරක්ෂාව සහ සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කලාපයේ බලපෑම අවධාරණය කරමින්, ඉන්දියානු සාගරයේ වැදගත්කම සලකා බැලෙන මෙම දෙදින සමුළුව සඳහා රටවල් ගණනාවකින් නියෝජිතයෝ එක්ව සිටී.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් අප සැමට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන  ප්‍රශ්නවලින් එකක් ආමන්ත්‍රණය කිරීම සඳහා  පාත්ෆයින්ඩර් පදනම සමඟ මේ අවස්ථාවට එක් වීමට ලැබීම සතුටට කරුණක් බව කිව යුතුයි.

    මෙම සැසිවාරය සංවිධානය කිරීම පිළිබඳවත්, මෙම කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන අඛණ්ඩ උනන්දුව පිළිබඳවත් මිලින්ද මොරගොඩ මහතාටද ප්‍රශංසා කළ යුතුයි.

    ඉන්දියන් සාගරය, එක් තීරයක් එක් මාවතක් වැඩසටහනෙහි හෝ ඉන්දු-පැසිෆික් වැඩසටහනෙහි කොටසක් ලෙස සැලකිය නොහැකියි. ඉන්දියන් සාගරය මේ වන විට ලෝකයේ උපාය මාර්ගික භූ දේශපාලන කලාපයක් බවට පත්ව තිබෙනවා. එය සිදු වූයේ පසුගිය වසර පහ-හයක කාලය තුළයි.  මේ වන විට සිදු වී ඇති සිදුවීම්වලින් ඒ බව අපට සනාථ කර තිබෙනවා.

    ඒ වගේම ඉන්දියාව ලොව විශාලම ආර්ථිකයක් බවට පත් වීමට නියමිතයි. ඒ වගේම ඉන්දියානු වෙළෙඳපොළ 21 වැනි සියවස අවසානය දක්වාම පුළුල් වෙනවා. එය සියලු දෙනා පිළිගෙන තිබෙනවා. ඉන්දුනීසියාවත් විශාල ආර්ථික දියුණුවක් කරා ගමන් කරමින් සිටිනවා.

    කෙසේ වුවත්  ඉන්දියන් සාගර කලාපය මේ වන විට නැඟී එන ආර්ථිකයක් බවට පත්ව තිබෙනවා.  මේ තත්ත්වය තුළ  බල එදිරිවාදිකම්වලින් තොරව ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා උපායමාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

    රතු මුහුදේ මෙහෙයුම් සඳහා දායක වීමටද ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. මොකද මේ වන විට දක්නට ඇති ආකාරයට මෙහෙයුම් පිරිවැය ඉහළ යාම නිසා අපට සූවස් ඇළ හරහා නාවික ගමනාගමනයේ නිදහස පැවතීම වැදගත් වෙනවා. සය දින යුද්ධය හේතුවෙන් සූවස් ඇළ වසා දැමූ අවස්ථාවේ වසර දහයක් කොළඹ වරාය පීඩාවට පත් වුණා. ඒ නිසා නාවික ගමනාගමනයේ නිදහස පවතින බවට අප සහතික විය යුතුයි.

    පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ, ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග්, නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ ජපානයේ නියෝජ්‍ය සහකාර අමාත්‍ය හයාෂි මාකෝටෝ, පාත්ෆයින්ඩර් ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ සම සභාපතිවරුන් වන  බර්නාඩ් ගුණතිලක, ෂිව්ශංකර් මෙනන් යන මහත්වරුන් සහ මහකොමසාරිස්වරු, තානාපතිවරු, අමාත්‍යාංශ නිලධාරීහු, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya