අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හුණුපිටිය ගංගාරාම විහාරයේ 45 වන නවම් පෙරහැර අදයි

    පෙබරවාරි 23, 2024

    කොළොම්පුර මහා කලා මංගල්‍ය හෙවත් කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද(23) රාත්‍රී වීදි සංචාරය කෙරේ.

     

    මෙවර මෙම පෙරහර පැවැත්වෙන්නේ  45 වැනි වරටය.

    1979 වසරේ ඇරඹි ගංගාරාම නවම් මහා පෙරහැර තුනුරුවන් කේන්ද්‍ර කරගනිමින් සිදු කරන පුජාවක් ලෙස හැඳින්විය හැකියි. ගංගාරාම නවම් මහා පෙරහර රටේ සංස්කෘතික පාර්ශවය පෝෂණය කිරීම උදෙසා දක්වන දායකත්වය අතිමහත්ය. එම පෙරහැරේ ආරම්භයට හේතු පාදක වී තිබෙන්නේ කලින් අගනුවර තිබූ ඇසළ පෙරහරය. ගංගාරාම කුලඟන සමිතිය ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ

    මෙවර පෙරහැර නැරඹීමට එන බැතිමතුන් උදෙසා වෙනදා මෙන් ආසන පහසුකම් සැපයීම, සනීපාරක්ෂක ස්ථාන සැකසීම, මහජන ආරක්ෂාව සැලසීම වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතිබව ගංගාරාම විහාරවාසි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණෝ පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya