අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

    පෙබරවාරි 23, 2024

    ඇ‌මෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා 2024 පෙබරවාරි 22 වැනි දින සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සහ දූත පිරිස ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැහැදුටුවේය.

    ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා එක්සත් ජනපදය විසින් ලබා දුන් මානුෂීය සහ හදිසි ආධාර අගය කළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාඑක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් කොළඹ වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල් පෞද්ගලික සමාගම වෙත මෑතකදී ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 553 ක සංවර්ධන ආධාර පැසසුමට ලක් කළේය.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන විස්තීරණ අරමුදල් පහසුකම සුරක්ෂිත කිරීම සඳහා එක්සත් ජනපදය ලබා දුන් සහයද අමාත්‍යවරයාගේ අගය කිරීමට ලක් විය. 

    ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (අයොරා) සභාපති රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සතු ප්‍රමුඛතා පිළිබඳවත්,  සියලු දෙනාගේ නාවික නිදහස ප්‍රවර්ධනය කිරීම සහ වෙළඳාම හා වාණිජ කටයුතුවලට පහසුකම් සැලැසීම උදෙසා  කලාපයේ නීල ආර්ථිකය හා සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමෙහිලා ඇති අවස්ථා පිළිබඳවත් විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මහතා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වර්මා මහතා දැනුම්වත් කළේය. පාලනයප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මෙන්ම දූෂණයට එරෙහිව සටන් කිරීම තවදුරටත් ශක්තිමත් කිරීමට රජය දරන ප්‍රයත්න සම්බන්ධයෙන්ද විදේශ අමාත්‍යවරයා විසින් එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා දැනුම්වත් කරනු ලැබිණි. 

    ඉකුත් වසර දෙක තුළ ඇතිවූ ආර්ථික පසුබෑමෙන් පසුව ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති දිරිගන්වනසුලු ප්‍රගතිය පිළිබඳව සඳහන් කළ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වර්මා මහතාරට ආර්ථික සමෘද්ධිය කරා ගෙනයෑමට  එක්සත් ජනපද ආධාර අඛණ්ඩව ලබාදෙන බවට සහතික විය.

    ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය මෙන්ම ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේඑක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සමඟ මෙම සාකච්ඡාවට එක් වූහ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් මොහොමඩ් ජවුහර් මහතා සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ පිරිසක් විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම හමුවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya