අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සනත් නිශාන්ත, ප්‍රගතිශීලි ව්‍යාපාරයට දැවැන්ත ශක්තියක් වුණා - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

    පෙබරවාරි 22, 2024

    නත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා‍ගේ දේශපාලන, සමාජ හා ජනතා සේවය ප්‍රගතිශීලි ව්‍යාපාරයට දැවැන්ත ශක්තියක් වූ බව අග්‍රමාත්‍ය දි‍නේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2024.02.22 දින ප්‍රකාශ කළේය.

    ඔහු පැවසුවේ සනත් නිශාන්ත මහතා යනු දිවා රෑ නොතකා වැඩ කළ ප්‍රායෝගික දේශපාලනඥයෙකු බවය. එම නිසා ජනතාව අතර ගෞරවය සහ බැඳියාව ඇති වූ බව ද ජයග්‍රහණය මෙන්ම පරාජයත් එලෙසම භාර ගැනීමට ඔහුට හැකි වූ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. දේශපාලනය නිසා ඔහු ඇතුළු පවුල පළිගැනීමට ලක්වූ බව ද, දේපළ නැති කරගත් බව ද කියා සිටි අග්‍රාමාත්‍යවරයා, තමන් ජල සම්පාදන ඇමති සමයේ ඇතිකළ ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට මෑතකදී සාකච්ඡා කළ බව ද සිහිපත් කළේය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සනත් නිශාන්ත මහතාගේ වියෝව පිළිබඳ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය.

    ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අභාවප්‍රාප්ත ජල සම්පාදන රාජ්‍ය ඇමති ලෙස කටුයුතු කළ අපේ සනත් නිශාන්ත මැතිතුමාගේ වියෝව පිළිබඳ ශෝක යෝජනාවට එක්වන්නේ මේ ශෝකාකූල අවස්ථාව යළිත් සභාවට අපි සිහිපත් කරමිනි.

    එතුම‍ාගේ දේශපාලන වාගේම සමාජ හා ජනතා සේවය දැවැන්ත ශක්තියක් බවට ‍ප්‍රගතිශීලී ව්‍යාපාරයටම පත්වුණා. ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමන් හදිසියේම වියෝවට පත්වුණු ඛේදවාචක මෝටර් ප්‍රවාහන ගැටුම අප කවුරුත් දන්නවා. එතුමා එවැනි අවස්ථාවකට පත්වීමට අඛණ්ඩ දේශපාලන ගමනක යෙදුණා.

    අප රජයටත් ඒ  වාගේම, පොදුජන පෙරමුණටත්, පුත්තලම් දිස්ත්‍රික්කයටත් මුළුමහත් වයඹ පළාතටත් විශාල සේවාවක් ඉටුකිරීමට එතුමාගේ ජීවිත කාලය තුළ හැකිවුණා. එපමණක් නොව රට පුරාම එම සේවාව ලබාදීමට පුළුවන් වුණු රාජ්‍ය ඇමතිවරයක් හැටියට අපේ තොරතුරු හා ක්‍රියාකාරීත්වය දෙස බලන කොට ඉතාම නිහතමානීව ප්‍රකාශ කළ යුතුයි.

    දේශපාලනයට පිවිසිදා සිටම විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජීය, දේශපාලන හා ආගමික අපේක්ෂාවන් ඉටු කර දීම සඳහා ඇප කැපවීමෙන් සනත් නිශාන්ත මැතිතුමා තරුණ දේශපාලන නායකයෙක් ව හිටපු කාලෙ ඉඳලා කටයුතු කළා. එය ඉතාම ඕනෑකමින් මම සිහිපත් කරනවා. එතුමාගේ තරුණ දේශපාලන කාල පරිච්ඡේදය තුළ ප්‍රායෝගිකව දිවා රෑ නොබලා විවිධ ගතිගුණවලින් පිරුණු කෙනෙක්. විවිධ අවස්ථාවල ජනතාවගේ සේවයට තමා  ඉදිරිපත් වෙන ක්‍රියාදාමයම ඔප්පු කරා දවල් රෑ නොබලා ජනතා සේවයට සනත් නිශාන්ත දායක වන ශක්තියක් බවට ජනතාව අතර ගෞරවයෙන් හා බැඳියාවෙන් එතුමා කෙරෙහි ඇති කරගත් ක්‍රියාදාමය. පෙරමුණ ගත් මන්ත්‍රීවරයෙක් වගේම ජනතාවගේ, ජයග්‍රහණය හා පරාජයත් එලෙසම භාරගත්තා.

    මට සිහිපත් වෙනවා දේශපාලනය සඳහා සනත් නිශාන්ත මැතිතුමා හා ඒ පවුලේ අය වාර කීපයක්ම තමන්ගේ දේපොළ නැති කර ගත්තා. විනාශයට පත් කළා. දේශපාලන පලිගැනීමට ගොඳුරු වුණා. නමුත් සනත් නිශාන්ත එම තර්ජන ගර්ජන මැද කවදාවත් සෙලවුණේ නැහැ. ඒ  අධිෂ්ඨානයෙන් ගමන් කළ යුතු දේශපාලන ක්‍රියාමාර්ගයට ඒ පරිත්‍යාග ඉටු කළ ආදර්ශය අපි අමතක කරන්නේ නෑ.

    වරක අපට මතකයි, ගරු අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සභා ගර්භයේ ඉන්නවා. අවුරුදු ගණනාවකට පෙර දේශපාලන පලිගැනීමට පත්වුණු මේ අය නිසා, ජනතාව ද දේශපාලන පළිගැනීමට පත්වුනා මේ ජය පරාජය උඩ. ගෙවල් දොරවල් විනාශ වුණු ගෙවල් බලන්න අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ වාහනවලින් මන්ත්‍රීවරු හැටියට විශේෂයෙන් ගමන් ගත්තා, මේ මහා හානිය ඇස්දුටුවෙන් පාර්ලිමේන්තුවට වාර්තා කරන්න. එයයි පුත්තලම් දිස්ත්‍රික්කෙට තිබුණු දේශපාලන උරුමය.

    දමු දසනායක, අපේ කඳවුරේ තවත් යෝධයෙක්. මරා දැම්මා. ඔහුගේ ජීවිතය නැති කළා. ඔහු  අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනකොට ඔහුගේත් ජීවිතය අවසන් කරවීම සඳහා කටයුතු කළා. එවැනි පසුබිමක් එවැනි තර්ජන හරහා තමයි සනත් නිශාන්ත මැතිතුමා දේශපාලන කරළියේ ඉදිරියටම ගමන් කළ හැකි ක්‍රියාදාමය ඔප්පු කරේ. අප විවිධ අවස්ථාවල අමාත්‍යවරු හැටියට ගමන් කරන විට එතුමා ප්‍රාදේශීය සභාවේ ප්‍රධානත්වයක් ගත්තා. පළාත් සභාවේ කටයුතු කළා. මම මේ නිහතමානීව පළාත් සභා භාර විෂය භාර අමාත්‍යවරයා හැටියට, අග්‍රාමාත්‍යවරයා හැටියට කියන්න ඕනේ වයඹ පළාතේ අමාත්‍යවරයා හැටියට ඔහු ඇති කරපු සැලසුම් අදටත් ක්‍රියාත්මක වන නොවෙනස්ව ක්‍රියාත්මක වන සැලසුම් බවට පත්වෙලා තිබෙනවා.

    ඒ විතරක් නෙවෙයි, වෙනත් පළාත් සභාවල් සඳහා ගරු අමාත්‍යවරයෙක් හැටියට ඒ ඇති කරපු සැලසුම් ක්‍රියාත්මක කරන්න පළාත් පාලන ක්ෂේත්‍රයට අපි නියෝග කරා. මේ මාස කීපයකට කලින් සාකච්ඡා කරලා නියෝග කරේ ලංකාවේ සියලු සිතියම් සියලු මාර්ග සිතියම් බවට පරිවර්තනය කිරීම සඳහා තොරතුරු තාක්ෂණයෙන් එතුමා ආරම්භ කරපු කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩපිළිවෙල ලංකාව පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ ගැන සතුටක් මා හමුවුණු අවස්ථාවල එතුමා ප්‍රකාශ කළා. එවැනි අලුත් ආදර්ශයන් එකතු කරපු මන්ත්‍රීවරයෙක්, ජනතා නායකයෙක් ඒ වගේම අලුත් දේ නිර්මාණය කිරීම සඳහා ජනතාව සමඟ කටයුතු කරන්න පුළුවන්කමට සනත් නිශාන්ත මැතිතුමා ආදර්ශයක්ද බවට පත්වෙනවා.

    ගැටුම් මැද ජීවත් වෙන්න සිද්ධ වුණා. දේශපාලන ගැටුම්. එය මම හිතන්නේ අඩුවෙන් කීම සුදුසු නෑ මගේ මිත්‍ර, බායිස් අපේ හිටපු නගරාධිපතිතුමා සමඟ පුත්තලම් නගර‍යේ ජලය යෝජනා ක්‍රමය සම්බන්ධව මා ජල සම්පාදන අමාත්‍යතුමා හැටියට ගියපු අවස්ථාවල බොහොම මිත්‍රත්වයෙන්, සහෝදරත්වයෙන් සිංහල මුස්ලිම් ජනතාව අතර ඒ වැඩකටයුතු කරපු ආදර්ශය මම සිහිපත් කරනවා.

    එතුමාගේ ජීවිතයේ මූලික අධ්‍යාපනය ලබන විටත් ආදරණීය පියත්, මවගේ පරම්පරාවත් ධනවත් පරම්පරාවක්. ඒ වාගේම කතෝලික භක්තිමතුන් හැටියට මුළුමහත් පවුලේ සියලු දෙනා,  සහෝදරයන් සහ සහෝදරිය කැපවීමෙන් තම ආගම අනුව කටයුතු කළා. හලාවත ප්‍රධාන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ සනත් නිශාන්ත මැතිතුමා කලින් සඳහන් කළ පරිදි නීතිය චමරි ප්‍රියංකා සමඟ විවාහ වෙමින් දූවරුන් තිදෙනෙක් සහ කුඩා පුතකුත් සිටිනවා. සනුත්මි ‍ජොආනා පෙරේරා දියණිය, සදනි චියාරා පෙරේරා වාගේම,  සුහර්ෂි ඈන් පෙරේරා සහ ඉතා කුඩා පුතා සහන් චමත් ඇන්තෝනියෝ පෙරේරා. මේ දරුවන් මේ ආදරණීය පියාගේ වියෝවෙන් තම ජීවිතයේ අනාගතය ගැන චකිතයක් නොමැතිව, ජනතා සේවයේ ඉටු කරා වූ ඒ ආදර්ශමත් හා කැපවීම පරිත්‍යාගයක් දායාද කළ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට විවිධ සේවාවන්වල ඉටු කළ කාර්යයේ ශක්තිය හා ආශිර්වාදය ලබනවා ඇති.

    ඒ වාගේම ජල සම්පාදන ප්‍රජාජල අමාත්‍යවරයා හැටියට දවස් කීපයකට පෙරාතුවත් ‍ප්‍රජාජල ව්‍යාපෘති 3000 වැඩි ඇති කළ ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම ගැන ඇති අලුත් වැඩපිළිවෙලවල් ගැන අපිත් එක්ක සාකච්ඡා කලා. ප්‍රජාවගේ ආරක්ෂාවට ජලය නමැති ඒ පින්බර බිංදුව ජනතාව සඳහා පත් කිරීම සඳහා වූ තිබුණු උනන්දුව ජලයක් නොමැතිව ජීවයක් පවතින්නේ නෑ, නියෝජ්‍ය කතානායකතුමනි. ඒ උනන්දුව හා කැපවීම සඳහා ඔහුට වේලාවේ සීමාවක් නොතිබුණු බව, අපිත් එක්ක කරපු සාකච්ඡාවල් වශයෙන් මම සිහිපත් කරනවා. ධීවර, සත්ව, කෘෂිකර්ම, සුළු වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරයන් ද එතුමා විසින් විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුවේ පත්වීමත්, ඒවාගේම අමාත්‍ය ධූර සඳහා නියෝජ්‍ය අමාත්‍ය ධූර සඳහා ගමන් කරන පිළිගැනීම හිමි කරගත්තා.

    ඒ නිසා මේ අවස්ථාවේදී අවසාන දිනයේත්, මා හිතන්නේ මට සිහිපත් වෙනවා පාර්ලිමේන්තුවේ ඇතිවුණු යම් යම් මහාවාදය තුළ එතුමාවත් අපි ජීවමානව දැක්කා සක්‍රීයව අපේ ආණ්ඩුවේ කඳවුරේ එම අණපනත් සම්මත කර ගැනීම සඳහා වූ ඇතිවුණු විවාදයේ ඉදිරිපත් වී කටයුතු කරන ආකාරය. ඒ තමයි අපේ සනත් නිශාන්ත මන්ත්‍රීතුමා අප අවසානෙට දැක්ක අවස්ථාව.

    එතුමාගේ හදිසි වියෝව අප කාටත් වාගේම, පළාතේ ජනතාවට වාගේම ඒ පවුලේ බිරිඳ, දරුවන්ටත් විශාල පාඩුවක් බව යලි සඳහන් කරමින්, එම ශෝකයේ ප්‍රකාශනය බිරිඳ හා දරුවන්ටත් ඒ වාගේම, පවුලේ සහෝදරයන්ට ද එතුමා බොහොම ළඟින් අත්වැල් බැඳ ගැන කටයුතු කළ සහෝදරයන්ට ද දන්වා යැවීමට මේ ශෝක යෝජනාවට එක් වෙනවා. එතුමාට මම මොක්සුව පතනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya