ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත හෙටක් - ත්‍රී රෝදෙටත් වෙනසක්

    පෙබරවාරි 22, 2024

    "හරිත හෙටක්" තේමාව යටතේ, පරිසර හානිය අවම කරගනිමින්, වැඩිවන ඉන්ධන භාවිතය සීමා කරගැනීමේ අරමුණෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය හා එක්ව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ත්‍රී රෝද රථ විද්‍යුත්කරණ නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය පැවැත්විණි.

    පසුගියදා ප්‍රවාහන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ දී පැවති මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදාළ ව්‍යෘපෘතියේ ප්‍රගතිය හා ඉදිරි පියවර පිළිබදව එහි පාර්ශවකරුවන් දැනුවත් කිරීම සිදුකරන ලදී.

    මෙම ව්‍යාපෘතියේ දී දැනට ඉන්ධන මගින් ධාවනය වන ත්‍රිරෝද රථ විදුලියට පරිවර්ථනය කිරීමට කටයුතු කරන අතර එම ක්‍රියාවලියේදී අදාළ තාක්ෂණික, මෙහෙයුම්  හා ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව සියලු පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම හා සාකච්ඡා කිරීම මෙහි දී සිදුවිය.

    දැනට මෙරට තුළ ත්‍රිරෝද රථ 1,184,423 ක් ලියාපදිංචි වී ඇති අතර ඉදිරියේදී අනුමත කිරීමට නියමිත විද්‍යුත් සංචරණ (e – mobility) ප්‍රතිපත්තියට අදාළව විද්‍යුත් වාහන ලියාපදිංචිය හා භාවිතය ප්‍රචලිත කිරීමේ මූලික කටයුත්තක් ලෙස මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ නිලධාරීන් පවසයි.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත අසූසා කුබෝටා මහත්මිය ඇතුළු  නියෝජිත පිරිස, කර්මාන්ත අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මෙන්ම  රාජ්‍ය සහ පුද්ගලික බැංකුකරුවන්ද, දැනට ලංකාවේ විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය කරන හා එකලස් කිරීම් සිදුකරන පුද්ගලික ආයතන  සමග ත්‍රිරෝද රථ සංගම්වල නියෝජිතයන්ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ. 

    සාකච්ඡාවට  සමගාමීව මෙලෙස විදුලියට පරිවර්ථනය කරන ලද ත්‍රීරෝද රථ කිහිපයක් පරීක්ෂා කිරීමද මෙහිදී අදාළ නිලධාරීන් විසින් සිදුකරන ලදී. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya