ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ, ප්‍රකාශය ගැන සොයා විනය පියවර ගන්නවා - අගමැති කියයි

    පෙබරවාරි 22, 2024

    විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.


    වතු කම්කරු නායකයන් සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට රජය කිසිදු හානියක් හෝ අපහාසයක් නොකරන බවද, ඔහු අවධාරණය කළේය. කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව මත විනය පියවර ගන්නා බව, කියා සිටි අග්‍රාමාත්‍යවරයා.මෙම ප්‍රශ්නය මතුකිරීම ගැන විපක්ෂ නායකවරයාටද ස්තුතී කළේය.

    බිල ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක, දරුවන්ට පාඩම් කිරීම සඳහා යාබද නිවසකින් විදුලිය ලබාදීමට යාමේදී පියා මියයාම පිළිබඳ ප්‍රකාශයක් කරමින්, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා, දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කළ හැකි බවටත්, වතුකරයේ පියවරුන් සවස බීමත් වන බවත්, කියා ඇති බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya