ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය වැඩමුළුවලදී රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සිංහල දෙමළ මාධ්‍යවේදින්ට සම අවස්ථාව ලබා දුන්නා - ඇමති බන්දුල

    පෙබරවාරි 22, 2024

     

    මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා පවත්වන වැඩමුළුවලදී රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සිංහල දෙමළ මාධ්‍යවේදින්ට සම අවස්ථාව ලබා දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(22)පාර්ලිමේන්තුවේදී පැවසීය. අද දින පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

    මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මඟින් රට පුරා වැඩමුළු සංවිධානය කර තිබෙනවා. මෙහිදී අපරාධ වාර්තාකරණය, වෛරී ප්‍රකාශන , පෞද්ගලික තොරතුරු වාර්තාකරණය, දුස් තොරතුරු සහ සාවාධ්‍ය තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සිදු වෙනවා. ප්‍රාදේශිය මාධ්‍යවේදින් සම්බන්ධ කර ගනිමින්  මෙම වැඩමුළු පැවැත් වුණා. මේ වන විට බස්නාහිර, උතුරු මැද, වයඹ, සබරගමුව යන පළාත් වල වැඩමුළු පවත්වා තිබෙනවා.  මාධ්‍යවේදින් 373 දෙනෙක්  මේ සඳහා සහභාගී වී තිබෙනවා.

    නැගෙනහිර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වලත් මෙම වැඩමුළුව පවත්වා තිබෙනවා. දෙමළ මාධ්‍යවේදින් 46ක් ඒ සඳහා සහභාගී වී තිබෙනවා. වැඩමුළුවේදී දමිළ භාෂාව කතා කරන මාධ්‍යවේදින් සඳහා ද්‍රවිඩ භාෂාවෙන් දේශනයේ පරිවර්තන ලබා දී තිබෙනවා.

    මහින්ද පතිරණ, ආචාර්ය රංග කලන්සූරිය, මොහාන් සමරනායක, නාලක ගුණවර්ධන, ජගත් ලියනආරච්චි, මධුභාෂීණී ගලගෙදර, විජයානන්ද රූපසිංහ, සිසිර පරණතන්ත්‍රී, හර්ෂ අබේකෝන් යන පිරිස දේශන සඳහා සහභාගි වුණා.

    මේ සඳහා සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය,වැඩසටහන් සඳහා අවශ්‍ය ස්ථාන ලබාදීම, සම්පත්දායකයන්ට වියදම් දැරීම යනාදී සියලු කටයුතු සිදු කරනුයේ  මෙම අරමුදල මඟින් බවත් ඇමැතිවරයා පැවසුවේය.

    පුද්ගලික සහ රාජ්‍ය මාධ්‍ය යන දෙඅංශයම මෙම වැඩමුළුව සඳහා සහභාගී වුණා. දේශන පැවැත්වීම සඳහා යූඑන් ඩී පී සංවිධානය ආරාධනා කළ අය තමයි ඇවිත් තියෙන්නේ. මෙම දේශනයට කිසිම වියදමක් රජය දරල නැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya