ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ රට ගොඩගනිමින් ජනාධිපතිවරයා ලෝකයටම ආදර්ශයක් ලබා දුන්නා

    පෙබරවාරි 21, 2024

    ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි නායකයා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන නිසා අපි කලබල නොවන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.


    ජනාධිපතිවරයා විදියට පත් වන්නේ එක් පුද්ගලයකු වන අතර ඒ පුද්ගලයාට රටේම ඡන්දය ගත හැකි විය යුතු බවත් සිංහල ඡන්ද සියයට 70 ක් තිබෙන අතර වෙනත් ඡන්ද සියයට 30 ක් තිබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
    වත්මන් රටේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
    කොරෝනා නිසා රට වසා දැමීමට අපට සිදු වුණා. ඒ වෙලාවේ ආර්ථිකය ගැන හිතුවේ නැහැ. පාලකයා ඒ වෙලාවේ හිතුවේ ජනතාවගේ ජීවිත ගැන. අද මේ රටේ ජනතාවට ඒ බව අමතක වෙලා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ඉන්පසුව අපි කටයුතු කළා. මේ කාලය තුළ විවිධ මත සමාජගත කළා. එක්තරා මහාචාර්යවරියක් කීවේ කන්න නැතිව මේ රටේ ජනතාව දහදාහක් මැරෙනවා කියලා. එහෙම කියලා ජනතාව බය කළා. නමුත් එහෙම වුණේ නැහැ. අද ලෝකයේ රටවල් අපේ රට ගැන කතා කරනවා. අපේ රට ගැන කතා කරන එක කාරණාවක් තමයි දරුණු ත්‍රස්තවාදයකින් රට බේරා ගත් නායකයා මහින්ද රාජපක්ෂ මහතා වීම ගැන, අනෙක් කාරණාව තමයි දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ රට ගොඩගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ එක. කෙටි කාලයක් තුළ ඒ කාර්ය එතුමා ඉටු කළා. ලෝකයට ආදර්ශයක් එමඟින් දුන්නා. ලෝකයේ රටවල සමුළුවල ඒ බව අද කතා කරනවා. පාසල් පද්ධතිය අද ශක්තිමත් වෙලා තිබෙනවා. ගොවියා කුඹුරට බැහැලා තිබෙනවා. කෘෂිකර්මයට අදාළ භාණ්ඩ ආණ්ඩුවෙන් ලබාදෙනවා. රටේ ආර්ථිකය යථා තත්ත්වයට අද බොහෝ පත්ව තිබෙනවා. ජනාධිපතිවරණයට තව කල් තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya