නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය ඔක්තොම්බර් මාසයේ 18%කින් වැඩිකල විදුලි බිල නැවත අඩු කරනවා - විදුලිබල ඇමති

    පෙබරවාරි 21, 2024

    පසුගිය ඔක්තොම්බර් මාසයේ වැඩි කල 18%ක විදුලි බිල නැවත අඩු කිරීමට හැකි වනු ඇතැයි විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසිය. පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම්වත් කළ බවත්, හෙට දිනයේ එම යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලබා දෙන බවද අමාත්‍යවරයා කිය.

    ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන සඳහා ඔක්තෝබර් මාසයේ වැඩිකළ සියයට 18ක මිල වැඩිකිරීම සම්පූර්ණයෙන් අඩු කරන බවත්, සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ සියයට 12කින් වැඩි වූ  විදුලි බිල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට  සහ රජයේ ආයතනවල විදුලි බිල සියයට 24කින් අඩු කීරීමට බලාපොරොත්තු වන බවද කීය. අද වන විට රටේ තත්වය අපි වෙනස් කර තිබෙනවා. විදුලිය ගෑස් තිබෙනවා..අසීරු අමාරු තීන්දු තීරණ ගත් නිසා බංකෙලොථ් බාවයෙන් ඉවතට පැමිණ ලෝකයටම ආදර්ශවත් රටක් බවත් පත් වීමට හැකි වූ බවද කීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    මීට වසර දෙකක ට පෙර ජනතාව පාර්ලිමේන්තුවේ 225ටම  කළ චෝදනාව අද අමතක වෙලා තිබෙනවා.  ජනතාවට උපරිම බදු සහණ ලබා දී පොළී අනුපාත අඩු කරලා දේශීය ආර්ථිකය නගා සිටුවීමට තමයි හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වුණේ. නමුත් කොවිඩ් අර්බුදයත් සමග ඒ සඳහා අවස්ථාව නැති වෙයනවා. ඒය පසුකාළීන මේ රටේ ආර්ථික අරුබුදයක් ඇති වීමට බලපෑවා. විදුලි බිල සම්බන්ධයෙන් විවිධ චෝදනා ඒල්ල වුණා.

    පසුගිය සමයේ අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල වර්ෂාපතනයක් ලැබීම නිසා විදුලි බල මණ්ඩලයට ලාබ ලැබී තිබෙනවා. ඒම නිසා  ලැබුණු සහණය වෙනුවෙන් පෙබරවාරි මාසයේ ගාස්තු සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමු කළා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya