නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ සිට වැඩිම සංචාරකයින් ‌පිරිසක් පැමිණෙන අවස්ථාවක ඇතැම් පිරිස් ඊට එරෙහිව විවිධ ප්‍රකාශ සිදු කරනවා - සංචාරක ඇමති

    පෙබරවාරි 21, 2024

    ඉන්දියාවේ සිට මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන අවස්ථාවක ඇතැම් පිරිස් ඊට එරෙහි ප්‍රකාශ සිදු කරන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රටේ වර්තමාන ආර්ථික තත්වය සම්බන්ධයෙන් විපක්ෂය ගෙනා සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් සංචාරක අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    මම පසුගියදා ඉන්දියාවේ පැවති වැඩසටහනකට සහභාගී වුණා.එම වැඩසටහනට ඉන්දියාවේ ට්‍රැවල් ඒජන්තවරු  400ට වැඩි පිරිසක් එක්ව සිටියා. මම කතා  කරමින් සිටියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සම්බන්ධතාවය ගැන. මම එම අවස්ථාවේ ඉන්දියාවට ස්තුති කළා. කේරළයේ සහ ලංකාව ඇති සංස්කෘතිව වශයෙන් සාමාන කම් ගැන මම කතා කළේ. නමුත් එම කතාව වැරදි ලෙස හුවා දක්වනවා. මාව දඩමීමා කරගෙන දේශපාලන වශයෙන් වාසියක් ගන්න තමයි මෙම පිරිස උත්සාහ කරන්නේ. අද සමහරු අහනවා ඇයි ඔන්ලයින් පනත අවශ්‍ය කියලා. නාලිකා වල දේශපාලන මතය හසුරවන්න අවශ්‍ය පරිදි තමයි ඔවුන් අපේ කතා විකාශය කරන්නේ.  විනාඩි 15 කතාවක් ඔවුන්ට අවශ්‍ය විදියට  කපන්න පුළුවන්.

    ඉන්දියාව සමග තිබෙන සබඳතාව දෙස බලද්දි එය ව්‍යවස්ථානුකූලව වැරදි දෙයක් ලෙස හංවඩු ගැසීමට ඇතැමුන්  උත්සාහ කරනවා. අපි ආර්ථික වශයෙන් නරක අවස්ථාවක සිටින විට ඉන්දියාව සමග සහෝදරත්වයෙන් කටයුතු කළා. මම ඔවුන්ට ආයෝජනය සඳහා පැමිණෙන ලෙස ආරාධන කළා. ආයෝජන වලින් තොරව රටක් සංවර්ධනය වන්නේ කොහොමද? රටක් දියුණු වෙන්න නම් මෙම ආයෝජන අවශ්‍යයි. ඉන්දියාවත් සමග ඇති අපේ සංස්කෘතික සබඳතාවය සම්බන්ධයෙන් කතා කිරීම වැරදි ලෙස හුවා දක්වපු පුද්ගලයින් දේශපාලන කුහකයින්. පසුගියක දිනක ඉන්දියානු  විදේශ අමාත්‍යවරයා කියනවා  විදේශ සංචාර සඳහා යද්දි පළමුවෙන්ම ශ්‍රී ලංකාවට යන්න කියලා. එය කොතරම් හොඳ ප්‍රකාශයක්ද. ශ්‍රී ලංකාව ඇත්තටම ඉන්දියාව ට ණය ගැතියි. අපිට රට විකුණන්න අවශ්‍ය නැහැ. මේ වන විට සංචාරකයින් ප්‍රමණනය වැඩි වෙලා. ඉතා හොඳ දිශානතියකට රට ගමන් කරමින් සිටිනවා. මම ඉන්දියාවට ඇත්තටම ස්තුති වන්ත වෙනවා. අපිට අවශ්‍ය වෙලාවට සහයෝගය ලබා දීම සම්බන්ධයෙන්. මම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ නැහැ. එහෙම කිව්වොත් මම ලෑස්තියි අධිකරණයට යන්න

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya