එහිදී , සංවර්ධන නියෝජිත ආයතන සහ විදුලිබල ක්ෂේත්රයේ විවිද පාර්ශවකරුවන් විසින් දෙසැම්බර් මස ගැසට් කර තිබු නව විදුලිබල පනත වෙනුවෙන් ඉදිරිපත් කල සංශෝධන, යෝජනා සහ නිර්දේශයන් නව විදුලිබල පනතට සංශෝධන ලෙස ඇතුලත් කර ඇති ආකාරය, එම සංශෝධන ලබා ගැනීම වෙනුවෙන් පාර්ශවකරුවන් සමග පැවති සාකච්ඡා සහ එහිදී ලැබුණු යෝජනා, ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වලට අදාල නව කාලරාමුව සහ සංවර්ධන නියෝජිත ආයතන වලින් අපේක්ෂා කරන හා ලැබෙන සහයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් සාකච්ඡා කිරීමත් සිදු කරනු ලැබුණි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මෙරට ප්‍රධානීන් ඇතුළු එම නියෝජිත ආයතනවල නිළධාරීන්, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ඇමෙරිකා ජනපද නියෝජිත ආයතනයේ නියෝජිතයන්, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ නිළධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මෙම හමුවට එක්විය.