ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැක ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට විවිධ චක්‍ර ලේඛ 15ක් නිකුත් කර ඇති බව පැවසීය. පරාටේ බලතල සම්බන්ධයෙන් රට තුළ කතා බහක් ඇති වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එම නීති හඳුන්වා දී ඇත්තේ බැංකු පද්ධතියේ ආරක්ෂාව සඳහා බවයි. බැංකුවල ආරක්ෂාව තහවුරු කරමින් පරාටේ බලතල තාවකාලිකව අත්හිටුවීම සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බවයි.