නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය ඉඩම් වඩා කාර්යක්ෂමව හා ඵලදායීව යොදවා ගැනීමට “Station Plaza” නමින් යෝජනාවක්

    පෙබරවාරි 20, 2024

    රාජ්‍ය දේපොළ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධව පොලිසිය හා දුම්රිය දෙපාර්තමේන්තුව, නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව, දුම්රිය ආඥා පනතට අනුව අනවසරයෙන් ඉදිකර ඇති ඕනෑම ගොඩනැගිල්ලක් බිමට සමතලා කිරීමේ අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව සතු වන බවත්  ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් බෙදා දීම සම්බන්ධව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු විසින් නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

    දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වසර 10 ට වඩා වැඩි කාලයක් සිටි පුද්ගලයින්ට නව තක්සේරු අනුව මෙම වර්ෂය තුළ දී ගෙවිය යුතු සියලු බදු අයකර ගැනීමටත්, අවුරුදු 10 ට වඩා අඩු දුම්රිය ඉඩම් වල අනවසරයෙන් සිටින පුද්ගලයින්ට විරුද්ධව නඩු පැවරීමටත්, සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබෙන බව ද තවමත් ඊට කැබිනට් අනුමැතිය හිමිව නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව, විනිවිද පෙනෙන ආකාරයේ යෝජනාවක් තමන් විසින් ඉදිරිපත් කර තිබෙන බවත්, දුම්රිය ඉඩම් වඩා කාර්යක්ෂමව හා ඵලදායිව යොදවා ගැනීමට “Station Plaza” නමින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත්, මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු දිගු කාලීන බදු පදනම යටතේ දේශීය හෝ විදේශීය ආයෝජකයින්ට තම ආයෝජන සඳහා ඉඩම් ලබා දීමට කටයුතු කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

    එම වැඩපිළිවෙල වඩාත් විනිවිද පෙනන ආකාරයට කැබිනට් මණ්ඩලය පත් කරන කමිටුවක් මඟින් මෙම ඇගයීම් සිදු කිරීමෙන් මිස කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව හෝ අමාත්‍යවරයාට අවශ්‍ය ලෙස හෝ ඉඩම් බෙදා දීම තමන් අමාත්‍යවරයාව සිටින තෙක් කිසිසේත්ම සිදු නොකරන බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya