අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ශ්‍රී ලංකාවේ අක් වෙරළ සුළං විභවය ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධව මෑතක දී ලෝක බැංකු උපදේශකයින් විසින් අක්වෙරල සුළං සංවර්ධනය පිලිබඳ ශක්‍යතා අධ්‍යනයක් සිදු කරනු ලැබ ඇති අතර එම අධ්‍යනයේ ප්‍රතිඵල මත උතුරු, බටහිර සහ ගිනිකොණ යන ප්‍රදේශ මහා පරිමාණ මුහුදු සුළං බලාගාර මඟින් විදුලිය ජනනය සඳහා ඉහළ විභාවතාවයන් සහිත ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන ඇත.
මෙමඟින් විශාල වශයෙන් දේශීය හා විදේශීය ආයෝජන මඟින් මහාපරිමාණ පිරිමැසුම් ක්‍රම යටතේ විදුලි උත්පාදන වැඩි කිරීමටත්, විදුලි මිල පහත හෙලීමටත් මෙමඟින් හැකි වනු ඇති බව හෙතෙම පැවසීය.
ඒ අනුව, රට තුළ මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩි කිරීම සහ පරිමනානුකුල පිරිමැසුම් වර්ධනය කර ගනිමින් පෞද්ගලික අංශයේ ආයෝජන හරහා ශ්‍රී ලංකාවේ අක්වෙරල සුළං විභවයන් අදියර වශයෙන් සංවර්ධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව කැබිනට් ප්‍රකාශකවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.