කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රජයට ජනවර්ග අතර ගැටුම් ඇතිවීම, ආගම් අතර ගැටුම් ඇතිවීම, මිනිසුන්ට පුද්ගලිකව සිදුවන සිය දරු පවුල් අහිමි වන අසත්‍ය දෝෂ සහගත ප්‍රචාර කිරීම, ලිංගික අපයෝජන සිදුකිරීම ආදිය වැළැක්වීමට රජයට අවශ්‍ය බවද, ඒවා වැළැක්වීම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්ව පාලනය කිරීමේ පනතේ අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
එම පනතේ අරමුණු වලට නැති සාධාරණථ යුක්ති සහගත, නිදහස් මිනිසුන් සියලුදෙනාට තමන්ගේ නමගමින් අවශ්‍ය ඕනෑම කරුණක් නිදහසේ ඉදිරිපත් කිරීමට එම පනතේ කිසිදු බාධාවක් නොමැති බවද අවධාරණය කළේය.
රට තුළ අපගේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන නීති රීති පිළිබද අයිතිය ඇත්තේ නීති සෑදීම සදහා ආයතනය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බවද ඒ සදහා අවශ්‍ය පනත පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණු බවද පැවසූ අමාත්‍යවරයා එම පනත පිළිබද සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද පැවසුවේය.
එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාම එම ස්වෙච්ඡා සංවිධාන වලට ඕනෑම අයෙකුට ඒ සදහා දින 14ක් ඇතුලත අධිකරණයට යාමට හැකි බවද සදහන් කළේය.