නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

    පෙබරවාරි 20, 2024

    තෙදින නිල සංචාරයක් සඳහා අද(20) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් පිළිගනු ලැබීය

    ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත මෙම දූත පිරිස ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට එරට රජයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.

    සිය සංචාරයේ දී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya