නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා රට පුරා සිදු කරන වැඩසටහන් මාලාවට ඉදිරියේදී ද්‍රවිඩ, මුස්ලිම් මාධ්‍යවේදීන්ටත් අවස්ථාව

    පෙබරවාරි 20, 2024

    මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මඟින් රට පුරා සිදු කරන වැඩසටහන් මාලාවට ඉදිරියේදී ද්‍රවිඩ, මුස්ලිම් මාධ්‍යවේදීන් ද සහභාගී කර ගැනීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(20)පාර්ලිමේන්තුවේදී පැවසීය.


    මෙම අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව පවත්වාගෙන යන බවත්, වැඩසටහන් සඳහා අවශ්‍ය ස්ථාන ලබාදීම, සම්පත්දායකයන්ට වියදම් දැරීම යනාදී සියලු කටයුතු සිදු කරනුයේ මෙම අරමුදල මඟින් බවත් ඇමැතිවරයා පැවසුවේය.
    මෙම අරමුදල මඟින් පවත්වාගෙන යන වැඩසටහන් මාලාවට දෙමළ මාධ්‍යයට ආරාධනා කර නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    පසුගිය වර්ෂයේ වැඩසටහන් මාලාවට ලබාදුන් මුදල් මේ වන විට අවසන් බවත් මේ වර්ෂය සඳහා වැඩසටහන් මාලාවන් පැවැත්වීමට එම අරමුදලෙන් මූල්‍ය දායකත්වය ඉල්ලා ඇති අතර එම මුදල් ලැබුණු වහාම පවත්වන වැඩසටහන්වලට දෙමළ, මුස්ලිම් මාධ්‍යවේදීන්ට ද ආරාධනා කරන බවත් ඇමැතිවරයා පැවැසුවේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya