විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගේන් යෝජනා ලබා ගනු ලැබීය. එම යෝජනා සියල්ල සලකා බලා විදුලි බල මණ්ඩලය සකස් කළ යෝජනාව හෙට හෝ අනිද්දා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ . ඒ අනුව මිල සංශෝධනය කිරීම සිදුකළ හැකි බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ විදුලි බිල ගෙවා නොමැති බවට ලංකා විදුලි පොදු සේවක සංගමයේ රංජන් ජයලාල් මහතා විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ් අසත්‍ය ප්‍රකාශයක් බව කීය. පාර්ලිමේන්තුව නියමිත පරිදි විදුලි බිල ගෙවා ඇත එම ප්‍රකාශය මඟින් පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ද්වේශයක් ඇති කිරීමට කටයුතු කර ඇති බැවින් ඔහුව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ට කැඳවන ලෙසට හෙතෙම කතානායකවරයාගෙන්ඉ ල්ලා සිටියේය.