නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බාලදක්ෂ ජම්බෝරිය අද සිට දින 07ක් - සමාරම්භක උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 20, 2024

    බාලදක්ෂ බාලක,බාලිකාවන් හා නායකයන් 20000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය අද (20) සිට 26 වැනිදා දක්වා ත්‍රිකුණාමලයේ දී පවත්වන බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවසීය.‘‘වෙනසක් සඳහා නායකත්වය” යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන ජම්බෝරියේ සමාරම්භක උලෙළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(21) වැනිදා ආරම්භ කරන බව හෙතෙම කීවේය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රධාන කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය. ජාතික ජම්බෝරිය සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් බාලදක්ෂ බාලක, බාලිකාවන් සහ නායකයන් 500ක් පමණ එක් වන බවත් ජම්බෝරි ඉතිහාසයේ ප්‍රථම වතාවට බාලදක්ෂිකාවන්ද කඳවුරුගත වන බවත් ඒ මහතා කියා සිටියේය.

    බාලදක්ෂ දිස්ත්‍රික් 37ක නියෝජනය කරමින් බාලදක්ෂයන් 12000කට ආසන්න සංඛ්‍යාවක් දින 07 පුරා කඳවුරුගත වන අතර පෝතක බාලදක්ෂයන් 8000කට ආසන්න සංඛ්‍යාවක් දින තුනක් පුරා කඳවුර සමඟ එක්වන බව ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා කීවේය.

    කඳවුරට සහභාගි වන බාලදක්ෂ බාලක,බාලිකාවන් යළි කඳවුරෙන් පිටව යන විට වෙනස් වූ පුද්ගලයකු බවට පත් කිරීම ජම්බෝරියෙන් උත්සාහ කරන බව පැවසූ ඒ මහතා හෙට(21) සවස 2.00න් පසු හා පසු දින සිට සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ජනතාව වෙනුවෙන් කඳවුර විවෘතව තබන බව පැවසීය.

     

    උප කඳවුරු මඟින් මේ ජම්බෝරිය ක්‍රියාත්මක වන අතර බාලදක්ෂයන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්, ගිනි මැල සංදර්ශන, සංස්කෘතික සංදර්ශන ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් මේ දින පුරා ක්‍රියාත්මක වන බව ඒ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya