නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    JICA කොළඹ නව කාර්යාලය විවෘත කෙරේ - ජපානයේ දිගු කාලීන සහයෝගය ඇමැති ෂෙහාන් අගයයි.

    පෙබරවාරි 19, 2024

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) කොළඹ නව කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම මෙරට ජපාන තානාපති MIZUKOSHI Hideaki නියෝජිතයන්ගේ ප්‍රධානාත්වයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා විවෘත කෙරිණි.

    ශ්‍රී ලංකාව අතර පවතින සදාකාලික බැඳීම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) දායකත්වය පිළිබඳව එහිදී සේමසිංහ මහතා අවධාරණය කළේ ය. මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රභල හවුල්කරුවකු වන ජපානය ඉදිරි කටයුතු වෙනුවෙන් ද ලබා දෙන සහය අමාත්‍යවරයි අගය කළේ ය.

    විශේෂයෙන් ම ප්‍රවාහන යටිතල පහසුකම්, බලශක්තිය, ජල සම්පාදනය, කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ සුබසාධනය ඇතුළු තීරණාත්මක අංශ වල වෙනසක් ඇති කරමින් ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන මාර්ගයට අවතීර්ණවීමට ඔවුන් දක්වන දායකත්වය ද එහි දී අගය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya