මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල්42ක නියෝජිතයින් සහභාගි වන අතර ඉන් රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරින් ද 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය. මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යවරු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරු හා ටොන්ගා, පලාවු, වනුවාටු, ෆීජි, නේපාල්, සැමෝවා, මාර්ශල්, ඉරාන්, ජපාන්, නියු, ඉන්දුනිසියා, වියෙට්නාම්, තායිලන්තය, පිලිපීනය, වැනි රටවල් ගණනාවක නියෝජිතයෝ පැමිණ සිටිති.
ඒසේම එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා වන ආචාර්ය Qu Dongyu මහතා , කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ඒම පිරිස අද (18) මධ්‍යහ්න 12ට වැලිපැන්න, පැලවත්ත අතුකෝරළ තේ කර්මාන්ත ශාලාව හා වතුයාය නිරීක්ෂණය කිරීමටත් පස්වරු 3.00ට අගලවත්ත රබර් පර්යේෂණායතනය නිරීක්ෂණය කරීමටද නියමිත අතර හෙට (19) නිල වශයෙන් 37වන ආසියා පැසිපික් සමුළුව ආරම්භ කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා රටවල් කිහිපයක කෘෂිකර්ම අමාත්‍යවරු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹීමට නියමිතය.
මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙන අතර
පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එක්වර සහභාගි වන එකම සමුළුවද මෙයයි.
එමනිසා මෙම සමුළුව අප රටට ඉතාමත් වැදගත් වන අතර 2026 දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.