අමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද මාර්ගෝපකරණ කාමරය, විදේශීය සංචාරක විවේක කාමරය, ආපනශාලාව ඇතුළු නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඒක්වෙමිණි.
1893 ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ආකර්ශනීයම දුම්රිය ස්ථාන අතරින් එකක් වන බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය පරිහරණය කරන විදේශීය සංචාරකයින් ඇතුළු මගී ජනතාව වෙනුවෙන් සලසන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන සහිතව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර තිබේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය පදනම් කරගනිමින් ප්‍රදේශයට නව අගයක් එකතුවන මෙම අවස්ථාවට දායක වීමට ලැබීම පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා ලෙස මා සතුටට පත්වනවා. උඩරට දුම්රිය මාර්ගය පදනම් කරගනිමින් මෙම ප්‍රදේශය ලෝකය පුරා සංචාරකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ තුළින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් හරහා විශාල ඩොලර් ආදායමක් රටට හිමිවනවා මෙන්ම ප්‍රදේශයේ නිෂ්පාදන සඳහාද විශාල ඉල්ලුමක් සහ ආයෝජන ප්‍රමාණයක් ඇතිවනවා. සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහිවනවා. එය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශාල ලෙස උපකාරී වනවා.
සංචාරකයින් ඉලක්ක කරගත් ඉහළ ගුණාත්මක පහසුකම් ප්‍රදේශය තුළ වඩා වර්ධනය කිරීම තුළින් සංචාරක ආකර්ෂණයද වැඩි කර ගත හැකි වනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට සංචාරක ආකර්ෂණය සඳහා විශාල ආයෝජනයක් සිදු කිරීමේ සඳහා මූල්‍ය තත්ත්වයේ ගැටලු පවතිනවා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මා මේ අමාත්‍යංශය වගකීම බාර ගන්නා විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 2.6යි.එයින් 2.3ක් අතිකාල දීමනා සඳහා වැය වුණා.වැටුප් බිලියන 7යි. බිලියන දහයකට වඩා වැඩි අලාභයක් දුම්රිය දෙපාර්තමේන්තුව දරනු ලැබුවා. දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේ දායකත්වය ද ලබා ගනිමන් අප ක්‍රියාත්මක කළ නව වැඩ පිළිවෙල තුළින් ආදායම බිලියන 13 ක් දක්වා වැඩිකර තිබෙනවා. වාර්ෂික වියදම බිලියන 36 දක්වා අඩුකර තිබෙනවා.
රටක් වශයෙන් මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සපයා ගැනීම සඳහා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමට නොහැකි අවස්ථාවක දේශීය පුද්ගලික අංශය සමග හෝ විදේශීය ආයෝජකයින් සමඟ එක්ව මෙම තත්ත්වයෙන් මිදීමට මාර්ග සොයාගත යුතුයි. ඒ අනුව සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් වර්ධනය කිරීම සඳහා දායක වූ සංචාරක මණ්ඩලයට ද මාගේ ස්තුතිය පිරිනමනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඔවුන් රුපියල් මිලියන 15ක ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ද රුපියල් මිලියන පහක ප්‍රතිපාදන යොදවමින් රුපියල් මිලියන 20ක් වැය කර මේ නව පහසුකම් දුම්රිය ස්ථානයේ ස්ථාපනය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වැඩිම ඉඩම් ප්‍රමාණයක අයිතිය පවතින දෙපාර්තමේන්තුව ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට ඊට වඩා විශාල ආදායම් ඉපයීමේ හැකියාවක් පවතිනවා. නමුත් අනවසර අත්පත් කරගැනීම සහ අයථා ක්‍රියා සඳහා යොදවා ගැනීම හේතුවෙන් මේ මහා සම්පතින් ලබාගත හැකි වාණිජමය ප්‍රයෝජන ලබා ගැනීම මගහැරී තිබෙනවා. මේ කරුණු පිළිබඳ ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලයේ ද අවධානය යොමු කරමින් පසුගිය අයවැය යෝජනා සඳහා දුම්රිය ස්ථාන පදනම් කරගත් "ස්ටේෂන් ප්ලාසා" සංකල්පය ඇතුළත් කර තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල දුම්රිය ස්ථාන පදනම් කරමින් මෙවැනි ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දුම්රිය මෙහෙයුම් කටයුතුවලට අවශ්‍ය පහසුකම් වලට ඉඩ ලබා දෙන අතර අනෙකුත් ස්ථාන සඳහා ඕනෑම ඵලදායි ආයෝජන ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය සහිතව දිගුකාලීන බදු පදනම යටතේ ඉඩ ලබාදීමට අප පියවර ගන්නවා. ඒ සඳහා විනිවිද පෙනෙන සුළු ක්‍රමවේදයක් අවශ්‍යයි. දේශපාලන සබඳතා හිතවත්කම් හෝ වෙනත් ලාභ අපේක්ෂාවන් සඳහා මෙම ඉඩම් භාවිතා කළහොත් එය විශාල අපරාධයක්.
එම නිසා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමග ඒකාබද්ධව ස්ටේෂන් ප්ලාසා සංකල්පය සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම අනවසරයෙන් වසර දහයකට වඩා වැඩි කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල පදිංචිව සිටින ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටින පිරිස් සඳහා වර්තමාන තක්සේරුව අනුව එම සියළුම දෙනා බදු ගෙවන්නන් බවට පත් කිරීමට අප පියවර ගන්නවා.වසර දහයකට වඩා අඩු කාලයක් අනවසරයෙන් පදිංචිව සිටින, අත්පත් කරගෙන සිටින පිරිස් සඳහා නඩු පැවරීමට පියවර ගන්නවා.
මේ වටිනා භූමි සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඵලදායී ව්‍යාපෘති ඉදිරිපත් කරන, ඒ සඳහා කැපවන නිලධාරීන්ට විශේෂ දිරිගැන්වීම් සහ ඇගයීම් සිදු කිරීමටත් අප කටයුතු කරනවා. ඒ ආකාරයෙන්ම රටේ සියලුම දෙනාත් රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සිය දායකත්වය ලබාදෙන්නේ නම් වඩාත් යහපත් හෙට දිනයක් උදා කර ගැනීමට අපට හැකිවනු ඇති. "
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ ඩබ්.බණ්ඩාර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් ) වී. එස්. පොල්වත්තගේ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,ඌව පළාත් සංචාරක අමාත්‍යංශයේ අධ්‍යක්ෂ සම්පත් ප්‍රදීප් කුමාර නිශ්ශංක මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් අවස්ථාවට එක්ව සිටියහ.