නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විජය කුමාරතුංගයන්ගේ 36 වන ගුණ සමරුව හෙට

    පෙබරවාරි 15, 2024

    දිවංගත මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංග මහතාගේ 36 වැනි ගුණානුස්මරණ උලෙළ හෙට (16) සවස 2.00 සිට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ජාතික මහජන සහෘද සංසදය නියෝජිත මාදම්පාගම අස්සජි හිමියෝ පැවසූහ.

    නවම් විරු සැමරුම ලෙස මේ සැමරුම නම් කරමින් දිවංගත විජය කුමාරතුංග මහතා ප්‍රධාන, පුවක්දරමුල්ලේ පේමාලෝක නායක හිමි, ඔසී අබේගුණසේකර, දේවබණ්ඩාර සේනාරත්න මහත්වරුන් ඇතුළු එකසිය ගණනක් ජීවිතක්ෂයට පත් කළ සිද්ධිය ජාතික මහජන සහෘද සංසදය මඟින් සැමරීම සිදු කරන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව ඊයේ (14) පැවසූහ.

    ශ්‍රී ලංකා මහජන පක්ෂය ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂවීම හේතු කර ගනිමින් විජය කුමාරතුංග ඝාතනය කළ බවත් විජය කුමාරතුංග මහතාගේ දේශපාලන දර්ශනය අදටත් වටිනා දර්ශනයක් වන අතර ඒ මහතා කළ කාර්යයන් සමාජගත කිරීමේ අරමුණෙන් මේ සැමරුම සිදු කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    විජය කුමාරතුංග තම දේශපාලන මතය වෙනුවෙන් නොබියව තමන්ට පෞද්ගලික කැළලක් හෝ තම ප්‍රතිරූපයට වන හානිය ගැන නොසිතා සෘජුව එඩිතරව ක්‍රියා කළ ඉතාම වටිනා චරිතයක් බව රංගන ශිල්පී අනුර ශ්‍රීනාත් මහතා පැවසීය.

    උතුර සහ දකුණ ගිනි ගත් යුගයක විජය කුමාරතුංගයන් තම දේශපාලන මතය ලාංකීය තලයට ගෙනා බවත් විජය කුමාරතුංග කිසිදු දිනක ජාතිවාදය අවුස්සා තම ඡන්දය වැඩි කර ගැනීමට ක්‍රියා නොකළ අතර උතුරේ මෙන් දකුණේ ජනතාවට එක ලෙස ආමන්ත්‍රණය කළ බවත් ඒ මහතා කීය.

    කුමාරතුංග මහතා, තම රජයක් යටතේ ඊලම නොදෙන බවත් දමිළ ජනතාවගේ ගැටලුවලට සැබෑ විසඳුමක් ලබා දෙන බවට හැම අවස්ථාවකම පැවසූ බවත් හෙතෙම පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya