අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය විවෘත කෙරේ

    පෙබරවාරි 14, 2024

    ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (13) නිල වශයෙන් විවෘත කරන ලදී.

    මෙමඟින් ජනතාවට ජනාධිපති අරමුදල වෙතින් සපයනු ලබන සේවාවන්ට අදාළ යාවත්කාලීන වූ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතින අතර වෛද්‍යාධාර ලබා ගැනීමට අදාළ අයදුම්පත බාගත කරගැනීමේ හැකියාව ද පවතී.

    මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර, ජනාධිපති අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගයාන් මොරලියගේ සහ ජනාධිපති අරමුදලේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.බොතේජු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya