අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය පොදු ප්‍රවාහනය තැපෑල – අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

    පෙබරවාරි 14, 2024

    රජයේ රෝහල්වලින් රෝගීන් සඳහා සිදු කරන සේවාවන්, මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, දුම්රිය මාර්ග මඟින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම, තැපැල් සේවය යන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ඊයේ (13) නිකුත් කෙරිණි.

    1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

    රජයේ සංස්ථා, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හෝ සමුපකාර සමිතියකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයන් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදන නිකුත් කර ඇත. රජයේ රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවක් යැයි ප්‍රකාශයට පත් කරන බව රජයේ රෝහල්වලින් රෝගීන් සඳහා සිදුකරන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya