අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 අ.පො. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුමිකරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

    පෙබරවාරි 13, 2024

    2023 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි , 2024 මැයි මස අදාළ විභාගයට පෙනී සිටින ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති, මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුනු ඉල්ලුම්කරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමකින් තොරව ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබා ගැත හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


    ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන ලද 2005.02.01 සිට 2008.01.31 දක්වා උපන් ඉල්ලුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මේ වන විට සියළුම ඉල්ලුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කර ඇත. ඉල්ලුම්පත්‍රයේ නිවැරදි ලිපිනය සඳහන් නොකරන ලදහෝ වෙනත් හේතුමත ඒය මෙතක් නොලද ඉල්ලුම්කරුවෙකු වේ නම් www.drp.gov.lk දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව‌ේ නිල වෙබ් අඩවියට පිවිසීම මගින් බාගත කර ගැනීහට පහසුකම් සලාසා තිබේ. ඉල්ලුම්පත් අංකය හා ඉල්ලුම්පත්‍රයේ සඳහන් කරන ජංගම දුරකථන අංකයට ලැබෙන එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය ඇතුළත් කිරීම අනිවාර්යය බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya