අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කිරීම සඳහා දින තීරණය කෙරේ

    පෙබරවාරි 13, 2024

    වගා කන්න 06ක් තුළ මෙරට වී වගාවේ අස්වැන්න දෙගුණයකින් වැඩි කිරීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ පළමු අදියර 2024 යල කන්නයේදී ආරම්භ කිරීමට තීරණය කල බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ , 2024 එළඹෙන යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම පිළිබඳ විශේෂ ජල කලමනාකරණ සාකච්ඡාව අද (13) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී ‍පැවැත්වූ අවස්ථාවට එක්වෙමිනි.

    ඒ අනුව, 2024 යල කන්නයේ වගා කටයුතු මාර්තු මස අවසන් සතියේ සිට අප්‍රේල් මස පළමු සතිය දක්වා වූ කාලය තුළ ආරම්භ කිරීමටත්  අනෙකුත් බෝග වගාවන් සඳහා අප්‍රේල් තුන්වන සතියේ සිට ජලය නිකුත් කිරීමටත්  මහවැලි හා වාරිමාර්ග ජලාශ යටතේ අවශ්‍ය ජලය නිකුත් කිරීමද තීරණය කර ඇත. 

    දැනට තිබෙන ජල ප්‍රමාණයන් අනුව යල කන්නය සියයට සියයකින් සාර්ථක කර ගැනීමට හැකිවන බැවින් හැකිතරම් අරපිරිමැස්මෙන් තිබෙන ජලය පරිහරණය කිරීමටත්, නිසි කලට වගා කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා කීය .

    යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය සමස්ත ජල ප්‍රමාණය  ජලාශ සතුව පවතින අතර, එමඟින් වගාවන් සාර්ථක කර ගැනීමට හැකියාව ඇති බවද අදාළ  නිලධාරීන් මෙහිදි  අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

    මෙම අවස්ථාවට වනජීවී වන සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යවරු, රාජ්‍ය ඇමතිවරු , මන්ත්‍රීවරුන් සහ සියලුම ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya