අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් අද රාත්රී 11.45ට ප්රධාන දේවමෙහෙය පැවැත්වෙන්නේ හල්පේ ශාන්ත ෆ්රැන්සිස් සේවියර් දේවස්ථානයේදීය
දිවයිනේ පොලිස් වසම් 582ක පිහිටි කිතුණු දේවස්ථාන 2340 ක පමණ නත්තල් දිනයට සමගාමීව දේව මෙහෙයන් පැවැත් වෙන අතර ඒම දේවස්ථාන වල බැතිමතුන් සම්බන්ධ කර ගනිමින් විශේෂ ආරක්ෂක කමිටු ක්රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබේ.
නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයන අතර, එලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්රමාණවත් නැත්නම් ඒ සඳහා දැනුම්දීමට පොලිස් මූලස්ථානයෙන් විශේෂ අංකයක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව 011 247 27 57 අංකය හරහා අදාළ තොරතුරු දැනුම්දීමේ හැකියාව පවතී.