නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා- සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා

    දෙසැම්බර් 23, 2023

    මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට පත් කල විද්වත් කමිටුව අද රැස්වෙයි...

    සෞඛ්‍ය සේවාවේ අනාගත උන්නතියට ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ....

    මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් විද්වත් අදහස් සහ යෝජනා ලබාගෙන කාර්යක්ෂම හා විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබාදීම ප්‍රධාන අරමුණ කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සංකල්පයකට සහ අදහසකට අනුව පිහිටුවන ලද විද්වත් කමිටුව ඊයේ(22) කොළඹ ගලධාරී හෝටලයේ දී රුස්විය.

    පළමු වරට රැස්වෙන ලද මෙම විද්වත් කමිටුව සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් පමණක් නොව මෙරට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් සහභාගි වූ අතර, මෙහි  දී එම විද්වතුන් තම රාජකාරි මෙන්ම ක්ෂේත්‍ර අත්දැකීම්, පළපුරුද්ද ඇතුළුව ඔවුන්ගේ යෝජනා අදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ඉදිරිපත් කළ අතර, ඵලදායි ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කිරිමට ද මෙහිදී තීරණය විය.

    මෙම විද්වත් කමිටුව සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වැනි සංවිධාන ඇතුලු මෙරට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් 30 ක්  සහභාගි වූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකොන්, මහාචාර්යවරුන් වන  කමිනි මෙන්ඩිස්, ජනක ද සිල්වා, එස්.පී ළමාබදුසූරිය, කේමාල්, ආලෝකා පතිරණ, එස්.ඒ.එම් කුලරත්න, සරෝඡ් ජයසිංහ, ආනන්ද ජයවර්ධන, කේ.එම් නලීන් ද සිල්වා සහ විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය රංජනී ගමගේ, නිහාල් අබේසිංහ, උදිත බුලුගහපිටිය, ලක්කුමාර් ප්‍රනාන්දු, වින්යා ආරියරත්න, විමල් කරඳගොඩ, ලුසියන් ජයසූරිය, දන්ගල්ල, කේ.සි.එස් දල්පදාතු, සුපුන් වීරසිංහ, දුෂ්ණි වීරකොන් එම විද්වතුන් අතර විය.

    සෑම මසකම 03 සිකුරාදා දින මෙම විද්වත් කමිටුව රැස්වීමට ද මෙහිදී තීරණය විය. 

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ ලෝකයේ සංවර්ධිත රටවල පවතින සෞඛ්‍ය සේවාවට සමාන සෞඛ්‍ය සේවාවක් මෙරට ඇති කිරිම මුලික කරගනිමින් මෙම විද්වත් කමිටුව පිහිට වූ බවයි. මෙම විද්වත් කමිටුවේ උපදෙස් මත ගන්නා ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරමින් අනාගතයේ මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට ඇපකැපවෙන බව ද පැවැසීය.

    එමෙන්ම මෙරට සෞඛ්‍ය සේවයේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කර උසස් තාක්ෂණයකින් යුත් තොරතුරු තාක්ෂණ පද්ධතියක් ඇති කරමින්  ඉතා ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදිමට ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත්,  එම වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා බව ද පැවැසිය. සෞඛ්‍ය අධ්‍යාපනය, පෝෂණය, මානසික සෞඛ්‍ය, බෝවන රෝග මෙන්ම බෝනොවන රෝග පාලනය  සදහා ජනතාව දැනුවත් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බවද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් පැවැසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya