දේපල සහ වත්කම් බැංකු සහ මුල්‍ය ආයතන උකස් කර හෝ ඇපයට තබා සිය ව්‍යාපාරික කටයුතු කර ගෙන මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව රටේ ඇති වු ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව බරපතල ගැටලු රැසකට මුහුණ දුන් අතර, සිය වත්කම් ඇපයට තබා ණය ලබා ගත් දහස් සංඛ්‍යාත ව්‍යාපාරිකයන්ට එම මුදල් පියවීමට නොහැකි වීම නිසා බැංකු සහ මූල්‍ය ආයතන පරාටේ නීතිය යටතේ එම දේපල එකී ආයතන වෙත පවරා ගැනීමට කටයුතු කරන ඇත.
ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාව මේ වන විට මුහුණ දී සිටින පරාටේ නීතිය යටතේ සිය වත්කම් සහ දේපල පවරා ගැනීමේ ක්‍රියාදාමය තාවකාලිකව අත්හිටුවා ඔවුන්ට කිසියම් නීතිමය රැකවරණයක් ලබාදීම අරමුණු කර ගනිමින් පරාටේ නීතියට යටතේ දේපොළ අත්පත් කර ගත් හා අත්පත් කර ගැනීමට නියමිත ව්‍යාපාරිකයින්ගේ එකමුතුව පසුගියදා (21) විශේෂ සමුළුවක් සංවිධානය කර තිබුණි.එම සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සඳහා පැමිණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පරාටේ නීතිය අහෝසි කළ යුතු බවට වු යෝජනාවක් එහිදී සම්මත කර ගනු ලැබිණි.
1990 දී සම්මත කරන ලද අංක 04 දරණ පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට හෝ අවම වශයෙන් 2019 වසරේ මෙම අර්බුදයන් ඇතිවීමට පෙර තිබු ආර්ථික වර්ධන වේගය වන සීයයට 4.5 ක වර්ධන වේගයට ආර්ථික වර්ධනයට රට පත් වන තෙක් හෝ මේ නිතිය තාවකාලිකව අත්හිටුවන ලෙස ව්‍යාපාරිකයින් එහිදී ඉල්ලීමක් කර තිබේ.
මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දී සිටින තත්වය පිළිබදව අපි කණගාටු වෙනවා. මේ රටේ ක්‍රියාත්මක වන බැංකු පද්ධතිය සම්බන්ධයෙන් කථා කරන්න වුණේ රට බංකොලොත් වු නිසයි. මේ රට ගොඩ නගන්න නම් කෘෂි කර්මාන්තයට, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට මුල් තැන ලබා යුතුයි.
අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් මීට පෙර අවස්ථා දහසයකදී ණය ලබා ගෙන ඒවා සේවා අංශය පුළුල් කිරීමට යොදා ගත්තා. දා හත් වන වරටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රැවටීමේ හැකියාවක් නැහැ. ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක් ලෙස ආරම්භ කිරීමේ පරමාර්ථය වුණේ කර්මාන්ත දියුණු කිරීමටයි. මහජන බැංකුව ආරම්භ කිරීමේ මුලික අරමුණ වුණේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමයි. මහජන බැංකුව සහ ලංකා බැංකුව ආරම්භ කිරීමේ මුලික අරමුණුවලින් බැහැරව ඔවුන් පෞද්ගලික බැංකු සමග ලාභය ඉපයීම පරමාර්ථය කර ගනීම සිදු කළා. රටක පැවතිය යුත්තේ බැංකු ක්‍රම දෙකයි. ඒ සංවර්ධන බැංකු හා වාණිජ බැංකු පමණයි. අපේ රටේ තිබෙන්නේ ඔක්කොම වාණිජ බැංකුයි. 2020 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වු පසු මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට විශාල වශයෙන් බදු සහන ලබා දුන්නා. පොහොර ප්රශ්නය නිසා කෘෂි කර්මාන්තය කඩා වැටුණා. අපේ රටේ ලංකා බැංකුව සහ මහජන බැංකුව ආරම්භ කළ පරිමාර්ථ අනුව කටයුතු කලා නම් මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙහෙම වෙන්නේ නැහැ.
මහ බැංකුව මූල්‍ය පාලනය පිළිබදව නිවැරදි තීන්දු අර ගෙන තිබෙන්නේ ඉතාම කලාතුරකින් බව කිව යුතුයි. මහා පරිමාණ ව්‍යාපාරිකයින් විදේශිය රටවල රදවා ගෙන සිටින ඇමරිකානු ඩොලර් බිලියන 52 ක මුදල සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. අපේ රටේ මේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පිළිබදව විශාල වශයෙන් විවේචන පවතිනවා. රෝම ලන්දේසී නිතීයක් වන පරාටේ නීතිය අද වන විට රෝමයේත් නැහැ. ඕලන්දයේත් නැහැ. ඒ කාලයේ පරාටේ නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව තිබුණේ ලංකා බැංකුව, මහජන බැංකුවට හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පමණයි. නිදහස් ආර්ථිකය සමග මූල්‍ය ආයතන හා බැංකු හතු පිපෙනවා වගේ ඇති වුණා. මේ පරාටේ නීතිය අවභාවිතා වෙනවා. පරාටේ නීතිය යටතේ වෙන්දේසි කළ දේපොලවල අයිතිකරුවන් බවට ඇතැම් බැංකුවල ප්‍රධානීන්ගේ ඥෘතීන් පත් වුණා. බැංකු පද්දතියත් ආරක්ෂා වෙන්න ඕන. ගනුදෙනුකරුවන් ශක්තිමත් වුවහොත් පමණයි බැංකු පද්ධතිය ශක්තිමත් වෙන්නේ. බැංකුවල ප්රශ්නය, විදුලි බිල්, බදු ප්‍රතිපත්තිය, නිසා ව්‍යාපාරිකයින් මත විශාල පීඩනයක් එල්ල වෙලා . මේ රටේ පැවති කිසිදු රජයකට බදු ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඒ නිසාම ව්‍යාපාරිකයින් ආයෝජන කරන්න කැමති නැහැ. පරාටේ නීතිය පිළිබදව තීරණයක් ගන්න වෙනවා. මේ නීතිය සම්බන්ධයෙන් විශාල සංශෝධනයකට යා යුතුයි. ඒ සදහා නිර්දේශ සකස් කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන පාර්ලිමේන්තුවේ පනත සම්මත කර පරාටේ නීතිය පිළිබදව නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කලේය.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් පළ කරමින් මෙසේ පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මුහුණ දී සිටින ගැටළු පිළිබදව හොද වැටහීමක් අපට තිබෙනවා. රටක් ලෙස ව්‍යවසායකයින් ඛේදවාචකයට මුහුණ දීලා. මෙම තත්වය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වන ඔබ විසින් නිර්මාණය කළ ප්‍රශ්නයක් නොවෙයි. පරාටේ නීතියට විරාමයක් වසර දෙකකට හෝ ලබාදී ඔබට සහායක් වෙන්න අමාත්‍ය මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න කටයුතු කරනවා. මේ රටේ ව්‍යවසායකයා ආරක්ෂා නොකළහොත් ස්ථාවර ආර්ථිකයක් ගොඩ නගන්න බැහැ. අපි එය වටහා ගත යුතුයි. බැංකු පද්ධතිය හා ව්‍යවසායකයා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම කළ යුතු බව ද රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව ලබාදීමට යෝජිත ණය මුදල ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු හරහා බෙදා හැරීමට නියමිත බවත්, දැනට අසාදුගත වී ඇති ව්‍යාපාරිකයින්ට එම මුදල් ලබා නොදන බවට මහා බැංකුව නිලධාරීන් කළ ප්‍රකාශය ගැනද මෙහිදි අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන ලෙස ව්‍යාපාරිකයන් විසින් අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින ලදී. පාස්කු ප්‍රහාරය හෝ කොවිඩ් වසංගතය තමන්ගේ වරදින් සිදු වු දෙයක් නොවන අතර, රට බංකොලොත් බවට මහ බැංකුව නිවේදනය කිරීමත් සමග තමන්ට මුහුණදීමට සිදු වු මේ ඛේදවාචකය පිළිබදව සලකා බලා තාවකාලිකව හෝ අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔවුන් ඉල්ලීමක් කර ඇත.
මේ වන විට ව්‍යාපාරිකයින්ට අයත් දේපල 4000 කට ආසන්න ප්‍රමාණයක් බැංකු සහ මුල්‍ය ආයතන පවරා ගෙන ඇති බව ද දේශීය ව්‍යාපාර සුරැකීමේ සංවිධානයේ සභාපති මහේන්ද්‍ර පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙරට දළ දේශිය නිෂ්පාදිතයට සීයයට 50 ත් 52 ත් අතර දායකත්වය ලබා දෙන බව හා 2023 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් දක්වා කාලය තුළ මේ නීතිය හේතුවෙන් ණය ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපොල 1183 ක් පවරා ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.
පසුගිය වසර කිහිපය තුළ හාර දහසකට ආසන්න දේපොල ප්‍රමාණයක් පරාටේ නීතිය යටතේ බැංකු සහ මුල්‍ය ආයතන පවරා ගෙන තිබේ. පරාටේ නීතිය හේතුවෙන් 1400 ක පමණ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් අගතියට පත්ව තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දී ඇති ගැටලු ඇතුළත් සංදේශයක් මෙහිදි අමාත්‍යවරුන් වෙත පිළි ගැනීම ද සිදු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.