මෙම තරඟය සඳහා චිත්‍ර දහසකට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණු අතර සෞන්දර්ය කලා විශ්වවිදයාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් තිදෙනෛකුගෙන් යුතු විනිසුරු මඩුල්ලකින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරා පත්කරගෙන ඇත.
මෙහිදී විශේෂ කාණ්ඩ යටතේ චිත්‍ර 100ක්ද, කුසලතා කාණ්ඩ යටතේ චිත්‍ර 10ක්ද, විශිෂ්ඨ කාණ්ඩ යටතේ චිත්‍ර 10ක් සහ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන තෝරා පත්කරගත් අතර විශිෂ්ඨ කුසලතා ලැබූ දරු දැරියන් මෙම අවස්ථාවට කැඳවා ඔවුන් ඇගයීමට ලක්කෙරුණි.
මෙහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කියා සිටියේ මෙම සෑම දරුවෙකුම අති දක්ෂ දරුවන් බවත්, අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු සෑම දෙනෙකුගේම ඒකාබද්ධ ප්‍රවේශයෙන් කටයුතු කළ නිසා මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට හැකිවූ බවයි.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනූෂා ගෝකුල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.