මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල් අගුරු සහ ඉන්ධන ආනයනයේ දී කිසිදු කොමිස් මුදලක් අය කරගෙන නෑ- බලශක්ති අමාත්‍ය

    දෙසැම්බර් 13, 2023

    ගල් අගුරු සහ ඉන්ධන ආනයනයේදී කිසිදු කොමිස් මුදලක් අයකරගෙන නැති බවත්, එසේ නම් ඒ් බව ඔප්පු කිරීමට තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ගල් අඟුරු මිලදී ගැනීමේදී හෝ ඉන්ධන මිලදී ගැනීමේ දී තමාට කිසිවෙකුත් බලපෑම් කර නැතැයි ද ඔහු සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ බලශක්ති අමාත්‍යංශය පීළීබඳ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, ඉන්ධන ආනයනය කරපු හැම වාර්තාවක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

    ඉන්ධන ආනයනය කරපු හැම වාර්තාවක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ ඕන දෙයක් කියන්න පුළුවන්. මම එතුමාට කියනවා ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් හෝ පහුගිය මාස දහඅටක කාලය තුළ දූෂණයක් කර ඇත්නම් එළියේ එතුමාට නඩු කට වලට යන්න පුළුවන්. වංචා දූෂණ ගැන තොරතුරු අරගෙන විවාදයකට එනවා නම් මමත් එනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya