මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වාණිජ්‍ය මැදිහත්වීම පනත් කෙටුම්පත ලබන වසර මුල දී පාර්ලිමේන්තුවට

    දෙසැම්බර් 13, 2023

    ජාත්‍යන්තර වාණිජ්‍ය මැදිහත්වීම පනත් කෙටුම්පත ලබන වසර මුලදී සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජනවාරි මස 10 හෝ 11 වැනිදා පනත් කෙටුම්පත විවාදයට ගැනීමට බලාපොරොත්තු වන බවද අධිකරණ අමාත්‍යවරයා පැවසිය.

    සමඟි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ ගැටලුවකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ වාණිජ්‍ය නඩු ඇසීම සඳහා පස්වැනි අධිකරණය ලබන වසර තුළදී විවෘත කරන බවයි.අධිකරණ තුළ නඩු ගොඩ ගැසී ඇති නිසා මෙලෙස පස්වැනි අධිකරණයද විවෘත කරන බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    විනිසුරුවරුන්ගේ සුදුසුකම් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මීට කලින් කතා කළා. වාණිජ්‍ය මහාධිකරණයේ නඩු අසන විනිසුරුවරුන් හතරදෙනාටම ඉතාම ඉහළ සුදුසුකම් තිබෙනවා. බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ විදේශීය රටවල පශ්චාත් උපාධිය විනිසුරුවරුන් තිදෙනෙකුම ලබා තිබෙනවා. එම අධිකරණවල ප්‍රමාදය අවම කිරීමට රුපියල් මිලියන 40 සීමාව රුපියල් මිලියන 100 ක් දක්වා වැඩි කළා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya