මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩොලර් බිලියන 1.8ක සෘජු විදෙස් ආයෝජන මෙරටට ගෙන ඒ්මට හැකි වුණා- ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 13, 2023

    ඩොලර් බිලියන 1.8ක සෘජු විදෙස් ආයෝජන මෙරටට ගෙන ඒ්මට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට හැකි වී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිණි.

    මෙම වසර අවසාන වීමට පෙර රජයේ ඉලක්කය වූ රුපියල් බිලියන 2ක ආයෝජන ‌ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     මෙරටට ආයෝජකයින් කැඳවාගන්නවා සේම ඔවුන්ව මෙරට ආයෝජන සඳහා ගිවිසුම් ගත කිරීම අපහසු බවද හෙතෙම පැවසීය. ඒ සඳහා විවිධ සහණ රජය විසින් ලබා දෙන බවද අමාත්‍යවරයා කීය

    IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජය බැඳී සිටින බවත්, කවුරු කැමති අකමැති වුවත් ඊට එකග විය යුතු බවද කීය.

    ආයෝජන මණ්ඩලය යටතට ගත් ලංකා සීනි සමාගම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ,ඒම ආයතන වල යම් යම් දූෂණ සිදු වී ඇත්නම් ඒ් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි. එම සමාගම් අද වන විට ලාබ ලබන තත්වයට පත් වී ඇතැයිද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya