මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරු- ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමේ සිය කැපවීම සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා යළි සහතික කරයි

    දෙසැම්බර් 13, 2023

     

    සිංගප්පූරු- ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමේ සිය කැපවීම සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා යළි සහතික කරයි


    සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා (Lee Hsien Loong) සඳහන් කරයි.

    පසුගිය අගෝස්තු මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංගප්පූරුවේ සිදු කළ නිල සංචාරය අතරතුර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා අගය කරමින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

    දෙරට අතර පැවති ඵලදායී සාකච්ඡාවල සාධනීය ප්‍රතිඵල පිළිබඳව සිය අවංක කෘතඥතාව පළ කර ඇති අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති කැපවීම තවදුරටත් සහතික කරමින් නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් සහ ශ්‍රී ලංකාව ප්‍රගතියේ මාවතට යොමු කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

     

    PMD

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya