රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත වල වැය ශීර්ෂ පිළිබඳව අද (09) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිණි.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,වැවිලි ක්ෂේත්‍රයේ සිටින ගොවි ජනතාව වෙනුවෙන්ද සහනාධාරයක් ලබා දිය යුතු බවයි. ගොවියා ගොවි තැනෙන් ඈත් නොවී තබා ගැනීම සඳහා ඔවුන්ට සහනාධාර සැපයිය යුතු බවද හෙතෙම පැවසීය. වැවිලි සහ කෘෂිකර්ම ක්ෂේත්‍ර කියන්නේ රට ගොඩ ගන්න පුළුවන් අමාත්‍යංශ දෙකක්.
වැවිලි සමාගම් වල තිබෙන වතු වලින් වැඩි හරියක් නිකන් තිබෙන්නේ. අපි ඒවගෙන් ප්‍රයෝජනයක් ගැනීමට වැඩපිළිවෙළක් සෑදිය යුතුයි. වැවිලි ක්ෂේත්‍රයේ වගා නොකරන එම ඉඩම් රජයට හෝ පවරා ගනිමින් වගා කිරීම සඳහා ලබා දිය යුතුයි.අපි මේ රටේ සෑම බිම් අගලක්ම ප්‍ර යෝජනයට ගත යුතුයි..