නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් සහල් මෝල් හිමියෝ කීරි සම්බා මිල ඉහළ නැංවීමට කෘත්‍රිම හිඟයක් නිර්මාණය කරලා - කෘෂි ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

    දෙසැම්බර් 09, 2023

    රජය සතුව සහල් සංචිතයක් පවත්වා ගන්නා තුරු පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට නොහැකි බවත් එළඹෙන වසරේ එ් සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිණි.

    රජය සතුව වී තොග නොමැති වීම හේතුවෙන් ඇතැම් සහල් මෝල් හිමියෝ කීරි සම්බා මිල ඉහළ නැංවීමට කෘත්‍රිම හිඟයක් නිර්මාණය කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය. කීරි සම්බාවලට සමාන සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවද එම සහල් තොග ලැබීමත් සමග සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හැකි වනු ඇති බවත් සහල් හිඟය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවද කීය.

    අපට සහල් ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් උත්සව කාලයේ දරුවන්ට ෆයිඩ් රයිස් එකක්වත් හදල දෙන්න විදියක් නැහැ.එම නිසා කීරි සම්බා වලට සමාන සහල් ආනයනය කිරීමට රජය තීරණය කළා.ඉදිරියේදී පාරිභෝගික පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

    මහ කන්නයේ සියලු කුඹුරු අස්වද්දන කටයුතු කරනවා. රුපියල් 9000 බැගින් බන්ඩි පොහොර ලබා දීමට කයුතු කරනවා. ලබන වසරේ සහල් අතිරික්තයක් ඇති වෙන බව නොඅනුමාන බවත් එම අතිරික්ත සහල් වලට කුමක් කරන්නද යන්න පිළිබඳ සොයා බැලීමට උපදෙස් ලබා දී ඇතැයි ද පැවසීය.

    අද මිරිස් වගාවට විශාල ඉල්ලුමක් තිබෙනවා.එක් තරුණයෙක් මිරිස් වගාවෙන් රුපියල් ලක්ෂ 50ක ආදායමක් ලබා ගත්තා තරුණ කණ්ඩායම් එක් කරගෙන මෙම වගාවන් ප්‍රචලිත කළ යුතුයි. එවිට එම තරුණයින් ආණ්ඩුවෙන් රස්සාවල් ඉල්ලන් යන්නේ නැහැ. ලබන වසරේ කුකුල් මස් සහ බිත්තර අපනයනය කරන රටක් බවට පත් කිරීමට හැකි වන බවද පශු සම්පත් ක්ෂේත්‍රයේ බිත්තර, කුකුල් මස් රටින් ගෙනාවේ. නමුත් අපි මේ වන විට ගං කුකුල්ලු ගම්වල ජනතාවට ලබා දුන්නා. ජනවාරි වල සිට බිත්තර සහ කුකුල් මස් මිල අඩු කරනවා. වගා හානි සඳහා වන්දි ඉදිරි මාසයක් ඇතුළත සියළු දෙනාටම වන්දි ලබා දීමට කටයුතු කරන බවද කීය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya