නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා

    දෙසැම්බර් 09, 2023

    ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

     අද (9) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    නැවත විදුලි බිල සංශෝධනයකට යාමට තිබුණේ අප්‍රේල් මාසයේ වුවත්, මෙම දෙසැම්බර් වන විට ජල විදුලි බලාගාරවල තත්වය බලා සංශෝධනයකට යා හැකි බව බලශක්ති අමාත්‍යවරයා පැවසීය.

    විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් එළඹෙන 12 දින කමිටුව රැස් වන බවත් , විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනා තිබේ නම් එහිදී ඉදිරිපත් කරන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ,

    ඔක්කොම විදුලි බිල ගැන කතාකරනවා. නමුත් පවතින ව්‍යුහය වෙනස් කරන තුරු විදුලි බිල අඩු කරන්න බැහැ. පවතින ව්‍යුහය තුළ පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීමට උදව් කරන්නේ නැත්නම් ඒ සඳහා රජය කුමන ප්‍රතිපත්තිය හැදුවත් බවැඩක් නැහැ. මෙම ව්‍යුහය වෙනස් වුනොත් විතරක් තමයි අලුතින් බලාගාර හදන්න පුළුවන් එම නිසා යෝජනා තිබේ නම් ඉදිරිපත් කරන්න

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya