නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල පනත කඩිනමින් ගෙනා කුමන්ත්‍රණයක් නොවේ - අමාත්‍ය කංචන විජේසේකර

    දෙසැම්බර් 09, 2023

    විදුලි බල පනත කඩිනමින් ගෙනා කුමන්ත්‍රණයක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (09) පාාර්ලිමේන්තුවේ දී පැවසීය.

    නව විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම පනත සඳහා මාස 14ක් තිස්සේ අනුමැතිය ලබා ගත් බවද හෙතෙම පැවසීය. විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යහගතකරණය කිරීම පිළිබඳ නව විදුලි බල පනත් කෙටුම්පත සඳහා පසුගිය නොවැම්බර් 20 දින කැබිනට් අනැමුතිය ලැබිණි. එම පනත නිකුත් කළ දිනය ලෙස ගැසට් පත්‍රයේ සඳහන් වී තිබුණේ 2023 දෙසැම්බර් 05 දින වේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමේ දිනය සහ අප්ලෝඩ් කිරීමේදී කිසියම් දෝෂයක් සිදු වී ඇති බවයි.

    මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමග අවස්ථා 04ක් සාකච්ඡා පැවැත් වුවා. එමෙන්ම විදුලි බල මණඩලයේ ඉහළ නිළධාරින් සමග අවස්ථා 03කදී සාකච්ඡා කළා. එමෙන්ම විදුලිබල මණ්ඩලයේ පහලම නිලධාරින් එක්කත් සාකච්ඡා පැවැත් වූවා. මම නම් කැමති වෘත්තීය සමිති සියළු දෙනාම මෙම පනත අභියෝගයට ලක් කරනවට. මොකද මෙම පනත වසරකට දෙකකට සීමා වූවක් නොවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya