රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහල් ක්‍රියාත්මක කල අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත් හිටුවීමට එම සංගමය තීරණය කරණ කරයි.
ඊයේ දින (8) සවස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග එම සංගමයේ නියෝජිතයින් පැවැත්වු සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් ඔවුන් එම වෘත්තිය ක්‍රියා මාර්ගය අත් හිටුවීමට පියවර ගත්තේය .
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් ඉදිරිපත් කල වෘත්තිය ගැටලු වලට තිරසාර විසදුම් ලබා දීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලන මහීපාල මහතා මෙහිදී පියවර ගනු ලැබීය .
ඊයේ දින රාත්‍රියේ සිටම එම සංගමයේ නියෝජිතයින් මහරගම අපේක්ෂා රෝහලේ රාජකාරි කටයුතු වලට වාර්තා කිරීමට ද පියවර ගත්තේය .
මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුනවර්දන , එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම යන මහත්වරුන් ඇතුලුව නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ .