ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය සතු ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී එම ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරනවා

    දෙසැම්බර් 01, 2023

    රජය සතු ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී එම ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කර, පාරිභෝගිකයින්ට සිදු වන බලපෑම අවම කරමින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඒ අනුව එම ආයතන වල සේවය කරන සේවකයන්ට, ප්‍රතිලාභවලට හෝ රැකියා වලට කිසිදු බලපෑමක් ඇති නොවන බව හෙතෙම පැවසීය.

    ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මග පෙන්වීම මත, රජයේ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකිරීමේ ප්‍රතිපත්තියක් සහ රජය සතු කොටස් බැහැර කිරීමේ ක්‍රියාපටිපාටිය සඳහා උචිත මාර්ගෝපදේශ සකස් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ඒ සඳහා අමාත්‍යමණඩල අනුමැතිය ලබාගෙන ඇත. ඒ අනුව රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සාධාරණව සහ අනිසි බලපෑම් වලින් තොරව සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී පාරිභෝගිකයින්ට ඇති විය හැකි අනිසි බලපෑම් නැති කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු ලැබේ.

    මෙම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතව්‍යුහගත කිරිමේදී ලැබෙන මුදල් මෙරට ණය අඩු කිරීම සඳහා යෙදා ගන්නවාද නැද්ද, යන්න පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya