ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ නියෝගයෙන් පසු ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට

    දෙසැම්බර් 01, 2023

    සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් දැනට විභාගවන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ව ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    අද (01)පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් වේ. 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 22,000කට පමණ පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇත.

    තව ද, මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව ය. ඒ අනුව සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල එකඟතාව ද ඇති ව විභාග පවත්වන දිනට වයස අවුරුදු 40 දක්වා දීර්ඝ කර, රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව, බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ. ඒ සඳහා දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් 51,000කගෙන් මේ සඳහා අයදුම්පත් ලැබී තිබේ.එම විභාගය 2023-03-25 දිනට නියම කර තිබිය දී 2023-03-23 දින මෙම නිලධාරීන්ගෙන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර විභාගය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් ගැනීම නිසා එම නඩුව තවමත් විභාග වෙමින් පවතී.දැනට මෙම විභාගය පැවැත් වීමට තිබූ දින සිට මාස 09ක් ගත වී ඇත. මෙම බඳවාගැනීමට බාධාවක් නොවන ලෙස මෙම නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය වී ඇතැයිද අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya