ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ‍මෙරටට ආනයනය කළ දුම්රිය මැදිරි ක160න් මැදිරි 125ක් ධාවනයට

    දෙසැම්බර් 01, 2023

    ඉදිරියේ දී කොළඹ සිට කන්කසන්තුරේ දක්වා යන දුම්රිය මාර්ගයක් හදනවා..

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ‍මෙරටට ආනයනය කළ දුම්රිය මැදිරි ක160න් මැදිරි 125ක් ධාවනයට එක් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මෙම එකදු මැදිරියක්වත් බර අලුත්වැඩියාවක් සඳහා රත්මලාන දුම්රිය අංගනය වෙත යොමු කර නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    අද (01) පාර්ලිමේන්තුවේ දී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඊයේ ප්‍රවාහන අමාත්‍යංශයේ වැය ශීර්ෂය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම මැදිරි 160න් 125ක්ම ක්‍රියාකාරී තත්වයේ ඇති බවයිවිශේෂ ධාවනයන් සඳහා තවත් මැදිරි 08ක් අංගනයේ රඳවා තිබේ. සුළු අලුත් වැඩියාවන් සඳහා යොදවා ඇති මැදිරි ගණන 27කි. කිසිදු බර අලුත්වැඩියාවක් සඳහා එකදු දුම්රියක් හෝ රත්මලාන අංගනය වෙත යොමු කර නැතැයිද අමාත්‍යවරයා කීය.

    එම ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කළ එන්ජින් සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ එම දුම්රිය එන්ජින් වලින්, එන්ජින් 05ක් ධාවනයට එක් කර ඇති බවයි.

    රෝද සවි කිරීමට එක් එන්ජිමක් යොමු කර තිබෙනවා. එය ලබන ජනවාරි නිදහස් කළ හැකිය.අමතර කොටස් ලැබෙන තෙක් තවත් එන්ජින් 02ක් රඳවා තිබෙනවා.

     

    දුම්රිය වෘත්තීය සමිති කළ මාෆියාවක් නිසා වරායේ ඇතුලේ මෙම එන්ජින් ගොඩ ගසා තිබුණා. එම එන්ජින් නිසා වරාය කටයුතු වලට බාධා වන නිසා ,නිමල් සිරිපාලද සිල්වා මහතාගේ මැදිහත් වීම මත දඩ මුදල් නොමැතිව නිදහස් කර ගත්තා.එම වෘත්තීය සමිති නිසා තමයි මෙම මැදිරි නිදහස් කර ගැනීමට නොහැකි වුණා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දොපාර්තිමේන්තුව පර්යේෂණයක් සිදු කරනවා. ඉදිරියේ දී කොළඹ සිට කන්කසන්තුරේ දක්වා යන දුම්රිය මාර්ගයක් හදනවා.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya