ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් සියයට 72කට වඩා වැඩි ප්‍රමාණයක් උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලබයි

    දෙසැම්බර් 01, 2023

    ඊයේ නිකුත් කළ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, දරුවන් සියයට 72කට වඩා වැඩි ප්‍රමාණයක් උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලබා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    අද (01) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශකයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පසුගිය වසරේ උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබුවේ දරුවන් සියයට 62.3ක් බවත් මෙම වසරේ පසුගිය වසරට සාපේක්ෂව සිසුන් වැඩි ප්‍රමාණයක් සමත් වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මෙම වසරේ දරුවන් 13,588ක් සියළුම විෂයන් සඳහා ඒ (A) සාමාර්ථය ලබා තිබේ.

    මෙම ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන තිබෙන්නේ, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක්. දෙවැනි ස්ථානය ලබා ගෙන තියෙන්නේ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියක්. තුන්වැනි ස්ථානය ලබාගෙන තියෙන්නෙ රාජකීය විද්‍යාලයේ සිසුවෙක්. 4 වෙනි ස්ථානය ලැබූ සිසුන් දෙදෙනෙකු ඉන්නවා.ෙකොළඹ රාජකීය විද්‍යාලයේ සහ ගම්පහ සිරි කුරුස බාලිකා විද්‍යාලය. හයවෙනි ස්ථාන හතරක් තියෙනවා. ඉන් දෙකක් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය, ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුගම් බාලිකා විදුහල, දහ වෙනි ස්ථානය දෙකක් තියෙනවා. එනම් කොළඹ මියුසියස් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය.

    විභාග ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද වුණේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා මාස තුනක් කල් ප්‍රමාද වූ නිසා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    උසස්පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයෙන් පසුව තමයි සාමාන්‍ය පෙළ පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ ආරම්භ කළේ. මාස තුනක් ඇතුළත ප්‍රතිඵල ලබා දෙන්න හැකි වුණා. ඒ සියලු ගුරුවරුන්ට විභාග දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya