ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද නිකුත් කරනවා -අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

    දෙසැම්බර් 01, 2023

    පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාල සඳහා කඩඉම් ලකුණු අද (01) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වි‍ශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

    මීට පෙර අවස්ථාවලදී මේ සඳහා විශාල කාලයක් ගත වුවද මෙවර සති 06ක් වැනි කාලයකදී ප්‍රතිඵල ලබා දීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.

     එම තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya