ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායකවරයා 27-2 ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කළ බව, අගමැති අවධාරණය කරයි- කතානායකවරයාගෙන් තීරණයක් ඉල්ලයි

    දෙසැම්බර් 01, 2023

    විපක්ෂ නායකවරයා 27-2 ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කළ බව, අගමැති අවධාරණය කරයි; කතානායකවරයාගෙන් තීරණයක් ඉල්ලයි

     විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කර ඇතැයි, එමනිසා ඒ සම්බන්ධයෙන් කතානායකවරයා තීරණයක් ලබාදිය යුතු බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (01) අවධාරණය කළේය.

     

    ඔහු මෙම අදහස් පළ කළේ, විපක්ෂ නායකවරයා 27-2 යටතේ නියමිත ප්‍රශ්නය ඇසීමේදී ඒ සමගම වෙනත් ප්‍රශ්නයක් ඇසූ බවත් එම නිසා කුමන ප්‍රශ්නයකට පිළිතුරු දියයුතු දැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කතානායකවරයාගෙන් විමසූ අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

     

    ඒ අනුව ලබාදී ඇති 27-2 ප්‍රශ්නයට අමතරව තවත් 27-2 ප්‍රශ්නයක් ඇද්දැයි ඇසූ අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා මේ ගැන එක් නියෝගයක් ලබාදිය යුතු බවත්, එය හෙට සිට හෝ ක්‍රියාත්මක කරවිය යුතු බවත් අවධාරණය කළේය. කතානායකවරයාට හෝ විපක්ෂ නායකවරයාට අවශ්‍ය නම් ස්ථාවර නියෝග අවභාවිත කළ හැකි වුවත්, ආණ්ඩු පක්ෂයට එසේ කළ නොහැකි බවද, තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන දිනක, අදාළ ස්ථාවර නියෝග අනාගතයට ආරක්ෂා කර දී යා යුතු බවද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.

     

    ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක් ගැන විපක්ෂ නායකවරයාට හදිසි ප්‍රශ්න ඇසිය හැකි වුවත්, පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙසත් ඔහු කතානායකවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුව විහිළුවට ලක් නොකරන ලෙසත්, නාඩගමක් නොකරන ලෙසත්, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනක ම උදෑසන නාඩගමක් මෙන් පෙනෙන බවත්, දේවාලයේ නැටුමක් මෙන් මෙය ක්‍රියාත්මක කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

     

    පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන Erskine May විසින් ලියූ පොත වසරින් වසර මුද්‍රණය වන බවත්, වසරින් වසර පිළිවෙත් හා ක්‍රියා පටිපාටි වර්ධනය වෙමින් ගොඩනැගෙන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, Erskine May විසින් ලියනු ලැබූ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ පොත පිළිබඳ විපක්ෂ නායකවරයා අදහස් දැක්වූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමිනි.

     

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

    "ගරු කතානායකතුමනි, රාජ්‍ය අමාත්‍යතුමා අහන ප්‍රශ්නයට, අපි කැමතියි ඔබතුමාට ගෞරවයෙන් පිළිතුරක් දෙන්න කියන්න. 27/2 ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායකතුමාට වරප්‍රසාදයක් තියෙනවා. ඒ වගේම අනිත් පක්ෂ නායකයන්ට වරප්‍රසාදයක් තියෙනවා. ඒකට කල්දෙනවා හෝ කල් නැතුව හරි සාමාන්‍යයෙන් අමාත්‍යවරයාට දැනුම් දීලා හරි මේ ප්‍රශ්න අහනවා. ඔබතුමා අලුත් ස්ථාවර නියෝගයක් ඇති කර තිබෙනවාද නැද්ද? මේ පාර්ලිමේන්තුව මෙහෙම වැඩ කරන්න බැහැ. හදිසියේ යමක් අහන තියෙනවා, නම් ගිනි ගැනීමක් හරි හදිසි තත්ත්වයක් ඒක ඕන වෙලාවක විපක්ෂ නායකවරයාට හදිසියේ අහන්න හැකියි, වැල් වටාරම් කියවන්නේ නැතිව.That is an established procedure.

     

    එහෙම නැතුව අපි කථානායකතුමනි ඔබතුමාගෙන් මම අගමැතිතුමා ලෙස, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ විශාල අර්බුදයක් මතු වී තිබෙන නිසා පැහැදිලි ප්‍රශ්නයක් අහනවා, රජ්‍ය ඇමතිතුමා හා අපිට කල් දීපු 27/2 යටතේ ප්‍රශ්නයට වඩා ඔබතුමා අහලා තියෙන මේ 27/2 ට අතිරේකව මොනව හරි 27/2ක් පිළි අරගෙන තියෙනවද? මම අහන්නේ 27/2 පිළි අරගෙන තියෙනවද? වෙන ප්‍රශ්න නෙවෙයි මම අහන්නේ මම අහපු එකට ඔබතුමා තීරණයක් දෙන්න. රටේ ලෝකෙ ඔක්කොම අහන්න බෑ නේ. අපි 27/2 යටතේ ඔබතුමා පිළිඅරගෙන තියෙනවද නැද්ද? කියන්න අපිට. එක්කෝ ලේකම්ගෙන් අහන්න එක්කෝ ලේකම්ගෙන් අහන්න. ලේකම් මම පාර්ලිමේන්තුවේ මෙහෙම එකක් ලැබිලා තියෙනවාද 27/2?

     

    මොකද මේ විදියට පාර්ලිමේන්තුව ගෙනියන්න ගියොත් අපිටත් ඉන්නවා එකසිය ගණනක මන්ත්‍රීවරු. මොකක්ද මේකෙ ප්‍රශ්නය? පාර්ලිමේන්තු ප්‍රශ්නය. පාර්ලිමේන්තු ප්‍රශ්න 5කට සීමා කරල තියනවා ඔබතුමා මේ කාලේ. පාර්ලිමේන්තු ප්‍රශ්න 5කට සීමා කරල තියෙනවා ඔබතුමා, මන්ත්‍රීවරුන්ට. මන්ත්‍රීවරුන්ට විරුද්ධ පක්ෂයට අහන්න ඕන නැත්තනම් අහන්නේ නැතිව ඉන්න. එහෙම අපිට සීමා කරපුවා, අපිට ප්‍රශ්න වැඩියෙන් අහන්නත් මන්ත්‍රීවරුන්ට අවසර දෙන්න. ඔබතුමා හිතුවක්කාර ලෙස මේ විදිහෙ නගන වැඩවලට ඉඩ දෙන්න එපා. පාර්ලිමේන්තුව විහිළුවක් කරන්න එපා. ඔබතුමාට බලකරනවා මේ ය අත්‍යාවශ්‍ය නියෝග උල්ලංඝණය කරන්න. ඒකයි මෙතන වෙන්නේ. අපි ඔබතුමාට ගරු කරනවා. අපි ඔබතුමාට ගරු කරනවා. නමුත් මේ නාඩගමක් වගේ. අද පාර්ලිමේන්තුව උදේ පාන්දරට නාඩගමක් වගේ. මොන ස්ථාවර නියෝග යටතේ ද ඔබ අහන්නේ ? ඔබ අහන්නේ මොකක්ද? 27/2 යටතේ. ඒක විතරක් අපිට උත්තරයක්, තීරණයක් දෙන්න."

    "රාජ්‍ය ඇමතිතුමා අහන්නේ ස්ථාවර නියෝග 27/2ක යටතේ අනුමත කරලා එවලා තිබෙන ප්‍රශ්නය තිබෙනවා. ඒක තමයි එවලා තිබෙන ප්‍රශ්නය.

    ඔබතුමාට ඕන ඕන විදියට නාඩගම් කතා කරන්න බැහැ. මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයක් යටතේ කටයුතු කරන්න පුළුවන්. ඒ අයිතිය කතානායකතුමාට ඕනේ නම් අවභාවිතා කරන්න පුළුවන්. විපක්ෂ නායකතුමාට, ඔබතුමාටත් පුළුවන් ඕන්නං අවභාවිතා කරන්න. ඔබතුමා අවභාවිතා කළා කියලා, අපි සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව ම නරක නාමයට පත්වෙන්න බෑ.

    මෙම ස්ථාවර නියෝග ඉතුරු කරලා අපි යන දවසට යන්න ඕන. එහෙම තමයි පාර්ලිමේන්තුව ආවේ කතානායකතුමනි.

    ඒ නිසා ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා, එක Order එකක් දෙන්න. ඒ order එක අද සිට, හෙට ඉදන් වුනත් කමක් නෑ. Give the order. මේ 27/2ට අතිරේක 27/2කවල් තියෙනවද? මන්ත්‍රීතුමා අහන්නේ මේකයි. මමත් අග්‍රාමාත්‍යතුමා හැටියට එතුමාගෙන් අහන්නේ මේ ස්ථාවර නියෝග අවභාවිතා කර ඇති බවට දැන් ඔබතුමා ප්‍රකාශයක් කරා විපක්ෂ නායකතුමා. දැන් එතනින් පස්සේ මොකක්ද? හෙට ඉදලා නැද්ද? එතුමාට අහන්න පුළුවන් 10. අපි 10න් 1යි උත්තර දෙන්නේ. ප්‍රශ්නයක් නෑ අපිට මොන තරම් ලියලා එව්වත් 10න් 1යි අහන්නේ. එහෙම නැත්නම් හෙට දාන්න.

    මම මේ විසඳුමක් අහන්නේ හැමදාම උදේට ඇති වී තිබෙන මේ දේවාලයේ නැටුම. මේක දේවාලයක් කරන්න එපා. පාර්ලිමේන්තු උත්තරීතර බව අපි රැකලා තියෙනවා. අපි එහා පැත්තට ගිහිල්ලා තියෙනවා. මෙහා පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඉවසීමෙන් ඉවසීමෙන් තණ්හාවෙන් දේශපාලන බලයට හැසිරෙන්නේ නැතිව ඉවසීමෙන් ඉවසීමෙන් පාර්ලිමේන්තුව අනුගමනය කරන පිළිවෙත් අනුගමනය කරන්න ඕන අපි.

    That is the main issue so as you are in the chair sir. As you in the chair. Please rule whether 27/2 has more than 1 possible question under 27/2. Or what you have just rule, that the leader of the opposition has abuse his under 27/2 weather this should be at least hon. State Minister is asking at least from tomorrow weather it stands. I also would like to know we are all the members of government."

    "විරුද්දධ පක්ෂයේ නායකතුමා, Earskine May he is caughting from Earskine May. The custom is not to abuse the standing orders therefore we are for we are stands on the standing order. other customs are developed over the years. Earskine May goes into print every year. Please I am not insulting. But understand customs and procedures are developed. Traditions are developed. But it’s stands on the standing orders."

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya