ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ අරමුදල තරකරගැනීමට මහපොළ උසස් අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය එළඹෙන ජූලි මාසයේ සිට

    දෙසැම්බර් 01, 2023

    සිසුන්ට ලැබෙන මහපොළ ශිෂ්‍යාධාරය දෙගුණයකින් පමණ වැඩි විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මහතා අද (01) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    මහපොළ අරමුදල තර කර ගැනීම සඳහා , මහපොළ උසස් අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය එළඹෙන ජූලි මාසයේ සිට නැවත දියත් කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මහ පොළට ප්‍රතිපාදන ලැබෙන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්. නමුත් එම ටිකට් වල මිල ගණන් වැඩි වීම නිසා ටිකට් පත් අලෙවිය පහළ වැටුණා. නමුත් දැන් ක්‍රමයෙන් එම අලෙවිය වැඩි වෙනවා. ඒ නිසා තමයි වෙනත් ප්‍රභවයන්ගෙන් මහ පොළ අරමුදල තර කර ගැනීමට උත්සාහ කරන්නේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya