අනාගතයේ බිහි වන නව වෘත්තීන් ඉලක්ක කර ගනිමින් මෙම නවීකරණ කටයුතු සිදු වන බවත් ඒ සඳහා කලක් ගත වන බවද හෙතෙම පැවසීය
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
විශ්වි විද්‍යාල වල සිසුන් බඳවා ගැනීමට පෙර මෙම ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම කටයුතු සිදු විය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රැස් වූ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ උපදෙස් අනුව උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවන්න තීරණය වී ඇතැයිද අමාත්‍යවරයා කීය. මෙවර අයවැයෙන්ද එම යෝජනවා ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපනය සඳහා වෙන වෙනම නියාමනයන් සිදු කෙරේ. මේ සියල්ලට වෙනම ප්‍රමිති ආයතනයක් බිහි වෙන බවද අමාත්‍යවරයා පැවසීය
සාමාන්‍ය ශ්‍රාස්ත්‍රවේදී උපාධියක් කරන අයෙකුට අද පුළුවන් ලොජිස්ටික් විෂයන්ට යන්න.සිසුන බඳවා ගැනීමට කළින් මෙම ප්‍රතිසංස්කරණ සිදු කළයුතුයි. අනෙක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම කටයුතු සිදු විය යුතුයි යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල 19ක් පිහිටා තිබෙනවා. උපාධිධාරියෙක් බිහිකිරීමට රජය වර්ෂයකට විශාල මුදලක් වැය කරනවා. 2022 වර්ෂයේ සාමාන්‍ය කලා උපාධිය සඳහා එක් සිසුවෙකුට රුපියල් ලක්ෂ 11ට වැඩි මුදලක් රජය වැය කර තිබෙනවා.නීති උපාධිය සඳහා සිසුවෙකුට රුපියල් ලක්ෂ 14 ට වැඩි මුදලක්, ප්‍රසංග කලා හදාරන සිසුවෙකුට රුපියල් ලක්ෂ 19ට වැඩි මුදලක,කළමනාකරණ සිසුවෙක් සඳහා රුපියල් ලක්ෂ 12ට ආසන්න මුදලක් , ඉංජිනේරු සිසුවෙකුට රුපියල් ලක්ෂ 27කට වැඩි මුදලක් , තොරුතරු තාක්ෂණය සඳහා රුපියල් ලක්ෂ 17ක්,සහ වෛද්‍ය සිසුවෙකුට රුපියල් ලක්ෂ 55 කට වැඩි මුදලක් රජය වැය කරනවා.