රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා නිදහස් වෙළද කලාපවල ආයෝජකයින් ස්වකීය නිෂ්පාදන මෙරට ජනතාවට ලෝකයේ ඉහළ සන්නාම නාමයන් ඇතුළත් නිෂ්පාදන සහනදායි මිල දි ගැනීමේ අවස්ථාවක් BIO FTZMA Expo mela 2023 වෙළඳ ප්‍රදර්ශනය තුළින් හැකියාව ලැබෙන බව ප්‍රවාහන
මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (30) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ,2024 එච්චර කළුවර නැති අලුත් බලාපොරොත්තු සහගත අවුරුද්දක බවට පත්විමෙන් පවතින බවයි. කඩා වැටුණු රට ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය ලෝක ප්‍රජාවගේ අනුමැතිය ලැබීමත් සමඟ රට පුරාම අලුත් බලාපොරොත්තු දැල්වෙන අවස්ථාවක දි ෙමම වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කර ඇති බව කීය
මෙහිදි අදහස් දැක් වු මෙම ප්‍රදර්ශයෙන් ඉතා අඩු මිලකට මිලදි ගැනීමට හැකියාව ඇති බවත්, දේශිය ව්‍යාවසායකයින්ට මෙම කුඩි මිලදී ගැනීමට හැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
දෙසැම්බර් 07 සිට 17 වන දින දක්වා කටුනායක ආයෝජන කලාප පරිශ්‍රයේ දි මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර වෙළඳ කුටි 100කින් සමන්විත වේ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවිම නියමිත ය.මෙම වෙළඳකුටි දේශිය ව්‍යාවසායකයින්ට ද මිල දි ගත හැකි බව අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් කිය.