නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක හෝටල් ආශ්‍රිතව දේශීය වෛද්‍ය සුවතා මධ්‍යස්ථාන

    නොවැම්බර් 20, 2023

    වියදම් අවම කර ගනිමින් ආදායම් උත්පාදනය කර ගනිමින් කටයුතු කරයි නම්, මෙම අයවැය ලේඛනයේ බලාපොරොත්තු ඉටු කර ගත හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිරි ජයකොඩි මහතා පැවසීය.

    අද (20) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

    මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා සංචාරක හෝටල් ආශ්‍රිත දේශීය වෛද්‍ය සුවතා මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා කරන අයවැය යෝජනාව සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පුද කළේය.

    රාජ්‍ය ආදායම අහිමි වීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පමණක් චෝදනා කරයි නම එය වැරදි බව පෙන්වා දුන්නේය.

    රටක් වශයෙන් රටට ලැබෙන ආදායම් අහිමි කරගෙන ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණයම බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.පෞද්ගලික සමාගම් වල බදු උපදේශණ සේවා සපයන්නේ ඇතැම් බදු නිලධාරින්ම බවත් එම නිසා ඇතැම් ආයතන රජයට බදු ගෙවනවා වෙනුවට ඔවුන්ට බදු ගෙවන බව රාජ්‍ය අමාත්‍යවරයා කිීය.විදෙස් ගත ශ්‍රමිකයන්ට වෙන් වුණු බදු සහණ ලබා ගත්තේ ඇතැම් නිලධාරින් සහ ව්‍යාපාරිකයින් බවද රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.රාජ්‍ය සේවයේ වාහන 80,000ක් ඇති බවත්, දිනකට රුපියල් අට ලක්ෂයක පෙට්‍රල් සහ ඩීසල් එම වාහන සඳහා ලබා දෙන බවත් පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවය නඩත්තු කිරීම සඳහා අති විශාල වැය බරක් දැරීමට සිදු වන බව පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya